උණුසුම් පුවත්
Search
peshala

”ආදිත්‍යට තනි නිසයි අපි තව දරුවෙක් ගැන හිතුවේ” – පූර්ණික පීරිස්

309

දක්ෂ නිවේදිකාවක් විදිහට පුංචි තිරයෙන් නිතරම අපට දැකබලා ගන්න පුළුවන් ආදරණීය කලාකාරිනියක් තමයණියක් තමයි පූර්ණිකා පීරිස් කියන්නේ. ඇය පිළිබඳව කථා කරද්දී ඇය අපේ රටේ නමක් දිනූ රංගන ශිල්පී චතුරිකා පිරිස්ගෙ එකම සොහොයුරිය ලෙස හැඳින් වුවාට වරදක් නෑ.

ඉතින් ඇය පිළිබඳව වැඩි දුරටත් කතා කරද්දී පූර්ණිකාට හරිම ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලස්සනට නටන්නත් පුළුවන්. මේ සියලු දක්ෂතා එක්ක පරිපූර්ණ නිවේදිකාවක් විදියට පුංචි තිරයේ ඇයව අපිට එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් හරහා නිතර ම දැකබලා ගන්න හැකියාව ලැබුණා. නමුත් පසුගිය කාල සීමාවේදී ඇය මේ නාළිකාවෙන් ඉවත් වෙන්න තීරණයක් ගත්තා.

image 245

කොහොම හරි අද වෙන විට නිදහස් නිවේදිකාවක් විදිහට විවිධ වැඩසටහන් හරහා පූර්ණිකාව නැවත වතාවක් පුංචි තිරයෙන් දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි ඇය කලින් විවාහ ජීවිතය විවිධ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීපු නිසා ඒ විවාහයන් වලට සමුදීලා පසු කාලීනව අපේ රටේ නමක් දිනූ ආදරණීය දක්ෂ තබ්ලා වාදකයෙක් විදියට හඳුන්වන පේශල මනෝජ් සමග විවාහ දිවියට එළඹුණා.

image 241

ඇය ඔහු සමග විවාහ වෙන විටත් පූර්ණිකාට කලින් විවාහයෙන් ආදරණීය පුතෙක් සිටිනවා. ඔහු නමින් ආදිත්‍ය. ඉතින් ආදිත්‍ය විතරක් නෙමෙයි දැන් මේ පවුලේ ඉන්නනවා තවත් පුංචි පුතෙක්. ඇයට පේෂළ සමග විවාහ වුණාට පස්සේ තමයි මේ අභිමන්යු මේ කැදැල්ලට එකතු කරගන්න අවස්ථාව ලැබෙන්නේ.. ඒ සම්බන්ධයෙන් පූර්ණිකා කිව්වේ මේ වගේ කතාවක්.

image 243

“මුලින් අපි හිතුවේ ආදිත්‍ය පුතාගේ දේවල් හොඳින් කරගෙන අපේ තියෙන සියලු දේවල් පුතාට දීලා අධ්‍යාපන පැත්තෙන් හෝ කලාව පැත්තෙන් එයා යන්න කැමති තැනකින් එයාව යොමු කරනවා කියන දේ. ඉතින් පස්සේ අපි හිතුවා එයා හැම වෙලාවෙම තනියම ඉන්නේ. එයාටත් කවුරුත් නෑ. එක්කෝ අක්කගේ බබා ඉන්න ඕනේ එයත් එක්ක සෙල්ලම් කරන්න. නැත්නම් ඥාතියෙක්ගේ බබෙක් එන්න ඕනි සෙල්ලම් කරන්න. එයාටත් පොඩි පාළුවත් තනිකමත් දැනෙනවා. ඊට පස්සේ අපි හිතුවා, නෑ අපේ පවුල සම්පූර්ණ කරගන්න තව දරුවෙක් හිටියා නම් හොඳයි කියලා…..

image 242

ඉතින් අපි ඒ තීරණයට අද ආවා. අද අපි සතුටින්. අපේ පවුල හරිම ශක්තිමත්….”

ඉතින් ඒ විදියට අදහස් දක්වන ඇය අවසන් වශයෙන් සඳහන් කළා ආදි බබා හරිම ආසයිලු තමන්ගේ ආදරණීය චූටි මල්ලිට.

image 244

එනිසා කවදහරි පූර්ණිකා සහ පේෂල ජීවතුන් අතර නැති කාලෙක වුණත් මේ දෙන්නට සතුටින් ඉන්න කියන අවවාදය ඇය නිතර දෙනවා කියලත් සදහන් කරා.