උණුසුම් පුවත්
Search
swetha perera

”අපි හරි ආසයි හනිමුන් බේබි කෙනෙක් බලන්න” – බැඳලා රට ගිය දියණියට නලින් පෙරේරා කියූ දේ

107

මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරා පසුගිය දා විවාහ වුණු බව දැන් නොදන්නා කෙනෙක් නොමැති තරම්.

ඇයගේ අතිනත ගත් මනාලයා රනිත් දිමිත්‍ර.

image 397

මේ විවාහ උත්සවයේ විවිධ ඡායාරූප සහ වීඩියෝපට මේ වෙද්දි සමාජ මාධ්‍ය වල සැරිසරනවා. එතැනින් එක් වීඩියෝ පටයක් සුවිශේෂීයි. ඒ නලින් ඇයගේ දියණිය වෙනුවෙන් කරන සුවිශේෂී කතාව. ඔහු එය කියන්නේ තමන්ගේ ගීතයකට නව යුවල කරන නර්ථනයකින් පසුවයි. විශේෂත්වය වන්නේ දියණියව ඇගේ සැමියාට වඩාගෙන එම ගීතය අවසන් වනතුරු සිටීමට ඔහු ඉල්ලා සිටීමයි….

image 398

පහත දැක්වෙන්නේ ඒ කතාවයි…

“රනින් ඔයාට දුවව බිමින් තියන්න කිව්වේ නැත්තෙ ඉවර වෙනකං ඔයාට ඒ බර දැනෙන්න….. අදින් පස්සේ පුතේ ඔයගේ ජීවිතේ තියෙන එකම සහ ලොකුම බර මේ කෙල්ල තමයි. අමතක කරන්න එපා, මේ දුවගෙ බරට සමාන බරක් තව තියෙනවා….. ඒ මගේ හදවත. ඔයා දන්නවා මම ඔයාට කියලා තියෙන දේවල්. මම දන්නවා ඔයා ඒක කරන බව….

image 400

ඒ වගේම අමතක කරන්න එපා මේ සින්දුවේ අන්තිම වචන පේළිය “පිට පිට දරු සම්පත් ලබන්න”. මොකද ඔය දෙන්නාටම ලස්සන අම්මලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා බලාගෙන ඉන්නේ, දරුවො හදන්න….

image 401

එයාලා ඇවිල්ලා සපෝර්ට් කරන්න. අපි හරි ආසයි හනිමුන් බේබි කෙනෙක් බලන්න. කල්දාන්න එපා ඒකට…. මහන්සි වෙලා වැඩ කරන්න. ඕස්ටේර්ලියා ගියාට කමක් නැහැ. මේ දවස් වල එහෙ සීතලයි. වැඩේ හොඳට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපිට ඕනේ හනිමුන් බෙබි කෙනෙක් බලන්න…”

image 396

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published.