උණුසුම් පුවත්
Search
josap

”පාසල් එන්න දවසට 1000ක්වත් ඕන” – ලංකා ගුරු සංගමයෙන් ඉල්ලීමක්

82

පාසල් වලට පැමිණීම සඳහා දිනකට රුපියල් 1000කට අධික මුදලක් වැය කිරීමට සිදු වන ගුරුවරුන් වෙනුවෙන් හෝ යම් සහනදායී වැඩපිළිවෙළක් අවශ්‍ය වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඊයේ (18) පැවසුවා.

නගරාශ්‍රිතව කෙසේ වුව ද පිට පළාත් පාසල් වලට පැමිණීමේ දී සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ද බරපතළ අපහසුතාවන්ට ලක් වීමට සිදුව තිබෙන බවත් ප්‍රවාහන කටයුතු වෙනුවෙන් පමණක් විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවත් කී හෙතෙම මේ සම්බන්ධයෙන් බලධාරීන් දැඩි අවධානය යොමු කළ යුතු යැයි ද පැවසුවා.

මෙම තත්ත්වයේ ඇති බරපතළකම අවබෝධ කර ගැනීමට නම් පිටපළාත් වලට පැමිණිය යුතු බවත් තමන් පුත්තලම දිස්ත්‍රික්කයට පැමිණ ඊයේ කළ සොයා බැලීමේ දී පවතින තත්ත්වය හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වූ බවත් හෙතෙම කියා සිටියා.

තවද, ප්‍රවාහන අපහසුතා මෙන් ම ආර්ථික ගැටලු හේතුවෙන් ද පාසල් පවත්වාගෙන යාමේ බරපතළ අර්බුදයක් ඇති බව ද ඔහු අවධාරණය කර සිටියා.

Source – Aruna




Leave a Reply

Your email address will not be published.