උණුසුම් පුවත්
Search
yohani

”අපි මුම්බායි වල පදිංචියට අවා” – ලෝකයේම ජනප්‍රිය වූ යොහානි ද සිල්වා

3633

ශ්‍රී ලාංකේය නාමය ලෝකය ඉදිරියට අරගෙන ගියපු හැඩකාර, දඟකාර, කටකාර ගායන ශිල්පිනියක් තමයි යොහානි ද සිල්වා කියන්නේ…

ගායිකාවක විදියට ලංකාවේ ආදරේ දිනාගෙන හිටපු ඇය ලෝකෙම ජනප්‍රිය ගායිකාවක් වෙන්නේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහායි.

එම ගීතය සමාජ මාධ්‍යට එකතු කරලා පැය 06ක් යන්නත් කලින් නැරඹුම් වාර මිලියන තුන ඉක්මවා ගිහින් තිබුනා…. ඒ වගේම මේ වනවිට ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ දැවැන්ත සිනමා නිර්මාණයක් වන ‘තෑන්ක් ගෝඩ්’ සිනමා පටයටත් මෙම ගීතය යොදාගෙන තියෙනවා.

image 330

කාලයක් නිහඬව ඉඳලා නැවතත් ලෝකයම යොහානි ගැන කතා වෙන නිසා ඇය සමඟ කළ කතා බහක උපුටනයක් තමයි මේ.

ඉතින් යොහානි දැන් මොකද වෙන්නේ…. කොහොමද ජීවිතේ?

”මම ගොඩක් හොඳින් ඉන්නවා, මේ දින වල ”මැණිකේ මගේ හිතේ” ගීතයේ හින්දි අනුවාදය ප්‍රචාරණය වෙනවා, ඉතින් ඒ ප්‍රචාරණ වැඩත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා…”

image 331

යොහානිට මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද..?

”මෙහෙමයි ඇත්තම කියනවනම් මේ ගීතය හිතුවේ නැති විදියට ජනප්‍රිය වුන ඒ වගේම මේ ගීතයට හිතපු නැති ප්‍රතිචාර ලැබුනා… මේ හැම ප්‍රතිචාරයකම ගරුත්වය ලැබෙන්න ඕන මේ ගීතයේ සංගීත නිර්මාණය කල චමත්ටත්, මගෙත් එක්ක රැප් එක ගයනා කළ සතීෂාන්ටත්, පද රචනා කළ දුලාන්ටත්…..

image 335

මොකද ඒ අය නිසා තමයි අද මේ හැම ප්‍රතිචාරයක්ම මට ලැබෙන්නේ, ඒ වගේම සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත් ගොඩක් ස්තුති වෙන්න ඕන… ඇත්තට මට හරිම සන්තෝසයි මේ ලැබෙන ප්‍රතිචාර ගැන”

image 332

ඔබ පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නෑ නේද..?

”ඔව්!!! මම සෑහෙන කාලයක් ලංකාවේ හිටියේ නෑ, මොකද මට රේකොඩින් වලට නිතරම ඉන්දියාවට යන්න අපහසු නිසා අපි මුම්බායි වලට පදිංචියට අවා. ඇත්තටම අපි ගොඩක් මහන්සි වුණා මේ දේ සාර්ථක කර ගන්න. එහි ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා.”

image 333

යොහානිට සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රතිචාර පල වෙනවානේ.. ඒ ගැන මොකද හිතෙන්නේ?

”මට ඉතින් ඒ ප්‍රතිචාර නම් අලුත් දෙයක් නෙවෙයි, පදනමක් නැති විවේචන මම නිහතමානීව භාරගන්නවා…. ඒ වගේම මාව විවේචනය කරන දේවල් දිහා බලලා මගේ අඩුපාඩු හදාගන්නවා… හැබැයි ඉතින් ගොඩක් විවේචන පදනමක් නැති ඒවා, ඉතින් ඒවා ගණන් ගන්නේ නෑ…”

image 334