උණුසුම් පුවත්
Search
vinu

”එක දවසයි හම්බවුණේ, එදා පාන්දර 03 වෙනකම් කතා කරලා වැඩේ ගොඩ දා ගත්තා” – විනූගේ ආදරය දිනූ හැටි කසුන් හෙළි කරයි

13226

සුරූපිනියක් විදියට ක්ෂේත්‍රයේ ඉන්න කාගේත් ආදරය දිනාගන්න ඇය නමින් විනූ සිරිවර්ධන. හැම වෙලාවෙම හිනා වෙලා සතුටින් ඉන්න විනූ පුංචි තිරය හරහා නිතරම දැක ගන්නට ලැබුණෙ නැතත් සමාජ මාධ්‍ය හරහානම් නිතරම දැක ගන්න ලැබෙනවා. විනූ උදානි සිරිවර්ධන ක්ෂේත්‍රයේ හැමෝම සමගින් ඉතා සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා වගේම ඇය සෙනාලි ෆොන්සේකාව ළගින්ම ඇසුරු කරනවා.

May be an image of 2 people, people standing and indoor

ඉතින් විනූ විවාහ වෙලා ඉන්නේ ටියුෂන් ගුරුවරයෙක් වන කසුන් ලියනගේ සමගයි. මේ වන විට ඔවුන් දෙදෙනා විවාහ වෙලා කාලයක් ගත වුණත් අලුත බැදපු ජෝඩුවක් වගේ ඉතාම සතුටින් තමයි ජීවිතය ගත කරන්නේ.

No photo description available.

විනූ සහ කසුන් යුවළගේ මුණගැහීම ගැන කසුන් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

May be an image of 1 person, eyeglasses and indoor

”අපි දෙන්නව හමු කලේ අපි දෙන්නගෙම හොදම යාලුවෙක්. එයා මගේ යාලුවට වඩා සහෝදරයෙක් වගේ. මගේ හැමදේම කියන්නේ එයාට. ඉතින් ඒ යාලුවා මට කතා කරලා ඇහුවා උඹට කෙල්ලෙක් සෙට් කරන්න හදන්නේ, වයස කීයද කියලා. මම වයස කිව්වා…… ඊට පස්සේ යාලුවගෙන් මම ඇහුවා කවුද කියලා. ඊට පස්සේ විනූ සිරිවර්ධන කියපු ගමන්ම මම ෆේස්බුක් එකේ සර්ච් කරලා බලලා මම යාලුවට කෝල් කරලා කිව්වා, මම කැමතියි කියලා….

May be an image of 1 person and standing

ඒ විදියට කොහොම හරි යාලුවා අපි දෙන්නව සෙට් කලා….. මම ගොඩක් කාර්යබහුල නිසා මට වැඩිය හම්බ වෙන්න, කතා කරන්න වෙලාවක් නෑ. එක දවසයි හම්බවුණේ. එදා පාන්දර 03 වෙනකම් කතා කලා….. එදාම කොහොමහරි වැඩේ ගොඩ දා ගත්තා.” කියලා තමයි කසුන්, විනූගේ සහ ඔහුගේ සම්බන්ධය පටන් ගත්ත විදිය ගැන අදහස් දක්වලා තිබුනේ.

No photo description available.