උණුසුම් පුවත්
Search
menaka nehara

”අපි රටට ආදරෙයි…. පාලකයින්ගෙ තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ” – අමෙරිකාවේ දිවි ගෙවන මේනක – නෙහාරා යුවළ කියන

166

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ ප්‍රකට පෙම් යුවලක්. ඉතින් මේ පෙම් යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා…. ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත කරනවා. කාලයක් මොවුන් දෙදෙනා විදෙස්ගතව සිටි අතර ලංකාවට ඇවිත් මාපිය පදවි ලැබුවා. ඉන් අනතුරුව නැවතත් මේනක විදෙස්ගත වූ අතර නෙහාරත් දරු දෙදෙනා සමඟ පසුගිය දවසක හදිසියේම විදේශගත වෙලා තිබුණා.

May be an image of 3 people

මේ ගමන පුංචි පැටව් දෙන්නත් එක්ක යන එක මොනතරම් දුෂ්කර වුණත් නෙහාරා ඒ දුෂ්කර ගමන සාර්ථකව අවසන් කරලා කියලා තමයි ඇය ඇගේ සමාජමාධ්‍ය ජාලා පිටු අතරට එක්කරලා තිබුණේ. කොච්චර වෙහෙසකර ගමනක් වුණත් මේ ගමන යන්න ඇයට ශක්තියක් වෙලා තියෙන්නේ මේ පුංචි පැටව් දෙන්නම තමයිලු. අමෙරිකාවට ගියෙ ස්ථිර පදිංචියටම ද කියලා නම් තාම හරියට දන්නෙ නැහැ…..

May be an image of 2 people and baby

මේනක – නෙහාරා යුවළ විදෙස්ගත වීම ගැන කවුරුත් පසුවුණේ ප්‍රශ්නාර්ථයක. ඒ මොකද ඇයි එක පාරටම මුළු පවුලම විදෙස්ගත වුණේ කියන එක. ඔන්න ඊටත් ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඔවුන් මේ විදියට අදහස් දක්වලා තිබුණා….

No photo description available.

”ගොඩාක් දේවල් ගැන හිතලා,විශේෂයෙන්ම බබාලා දෙන්නගෙ අනාගතේ ගැන හිතලා අපි අමෙරිකාවට ඇවිල්ලා ඉන්නවා. ලංකාවට ඇවිත් යන්න ඕනි. රටට ආදරෙයි….. පාලකයින්ගෙ තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. අපි ප්‍රේක්ෂකයින්ගෙන් ඈත් වෙලා නෙවෙයි ඉන්නෙ, සමාජ මාධ්‍ය හරහා අපි ප්‍රේක්ෂකයින් එක්ක ඉන්නවා….” කියලා තමයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ.

No photo description available.

No photo description available.