උණුසුම් පුවත්
Search
dhannjaya

”දෙපාරක්ම අපිට දරුවෝ ලැබෙන්න ගිහින් නැති වුණා” – ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධන

1885

අපි හැමෝම ගොඩක් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ.

‘රූකඩ පැංචි’ ‘ඇලඩින් සහ පුදුම පහන’ ‘අලි කතාව’ වගේ නිර්මාණ හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත ධනංජය, නැගී එන නළුවා වගේම හොඳම නළුවා සම්මාන වලින් පිදුම් ලැබූ රංගන ශිල්පියෙක්. නිවේදකයෙකු ලෙසත් ප්‍රකට ඔහු දක්ෂ කලාකරුවෙක් කිව්වොත් හරි.

ධනංජය දැන් තාත්තා කෙනෙක්නේ. ඉතින් කියන්නේකෝ පුංචි දුව ගැන විස්තර ටිකක්?

”මගේ දුව මෞර්යා ශෛරී සිරිවර්ධන… තව මාස කිහිපයකින් එයාට අවුරුදු දෙකයි, දැනටමත් දුව ගොඩක් දඟයි… මේ එයා බහ තෝරන කාලේ, දැන් එක එක වචන කියන එයාට හිතෙන දේවල් වචන කරන්න උත්සහ කරනවා, එයාගේ ලෝකය එයා හොයන්න පටන් අරගෙන….”

image 98

දුවට ‘මෞර්යා’ කියලා නම යෝජනා කලේ කවුද ?

”මුලින්ම ශශිනිගේ හිතේ තිබුණේ මෞර්යා කියන නමට ගොඩක් ළඟින් යන වෙනත් නමක්, හැබැයි දෙපාරක්ම අපිට දරුවෝ ලැබෙන්න ගිහින් නැති වුනා, ඒ නිසාම අපි ඒ නම නොදාන්න තීරණය කළා…. ඊට පස්සේ තමයි ඒ ලඟින් යන නමක් විදියට මෞර්යා කියන නම අපි තෝරාගත්තේ… මීට කලින් කවුරුවත් අහලා නැති නමක් දුවට දාන්න අපිට ඕන වුනා. ඒ නිසා තමයි දුවට මේ නම දැම්මේ…”

image 96

දුව ඉපදුණේ ධනංජය සිංදුවක් පටිගත කරපු දවස් කියලා දැනගන්න ලැබුනා ඇත්තද ?

”ඔව්… මම ‘හද්දා ශුද්ධ වූ ප්‍රේමය’ කියලා ගීතයක් කළා, ඒක ගායනා කලේ මගේ බිරිඳ ශශිනි සිරිවර්ධන, ඒ ගීතය සංගීතවත් කලේ දිනේෂ් සුබසිංහ. ශශිනිගේ ගැබිණි සමය සම්බන්ධයෙන් වීඩියෝවක් කරන්නට අපිට ඕන වුණා. 2020 ජූලි මාසෙ පළවෙනිදා මේ ගීතය පටිගත කරන්න දිනය වෙන් කරගෙනයි තිබුණේ. ඒ වෙද්දී එයාට බබා ලැබෙන්න ලංවෙලා තිබ්බේ. ඒ ගීතය පටිගත කරද්දීත් එයා කිව්වා අද බබා දඟලනවා වැඩියි කියලා, කොහොම හරි ඒ ගීතය පටිගත කිරීම අවසන් කරලා අපි දවල්ට එළියෙන් කෑමත් කාලා එන්න හදද්දී එයාට ටිකක් අමාරු වුනා… ඉතින් එයා හොස්පිටල් ඇඩ්මිට් කළා, ශශිනිව පරීක්ෂා කරපු වෛද්‍යවරයා ”බබා අද ආවා නම් හොඳයි” කිව්වා, එදාම රෑ දුව ඉපදුනා…”

image 94

ධනංජය අද ශෂිනි සහ පුංචි දුව දැන් ගෙවන මේ ජීවිතය දැනෙන්නේ කොහොමද?

”මෙහෙමයි තරුණ කාලේ අපිට සෑහෙන්න නිදහස තිබ්බා, එයා හිටියේ පිට රටක, එයා කලේ ලෝකේ වටේ යන රස්සාවක්. මමත් එයා එක්ක ඇවිද්දා, අපි දෙන්නම ගොඩක් ආසයි ට්‍රැවල් කරන්න, දුව ලැබුණාට පස්සේ ඒ සංචාරය කිරීම ගොඩක් අඩුවුණා…. දරුවෙක් කියන්නේ ගොඩක් ලොකු වගකීමක්, අද අපි තුන්දෙනාම හරිම ආදරණීය ජීවිතයක් ගත කරනවා… බබා එක්කත් ගත කරන මේ කාලය එක්තරා අපූරු සංචාරයක්…”

image 95
image 97



Leave a Reply

Your email address will not be published.