කලා ක්ෂේත්රයේ බෙහෙවින්ම කැපී පෙනෙන චරිතයක් තමයි ගයාන් වික්‍රමතිලක කියන්නේ. බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගත්තු රංගන ශිල්පියෙක් කිව්වොත් වරදක් නෑ. එක්තරා අවස්ථාවකදී ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහටත් තවත් අවස්ථාවකදී රිදී තිරය හරහාත් මොහු ප්‍රේක්ෂකයන් හමුවට ආවා. ඒ වගේම ඔහු දේශපාලන කාරණා නිසා පසුගිය කාලයේ බොහෝ දෙනා අතර වැඩි වශයෙන් කතාබහටත් ලක්වුණා. ඔහුගේ පෞද්ගලික ජීවිතය අළලා විවිධ පුවත් සමාජගත වුණා.
කොහොම නමුත් කලා කටයුතුත් එක්ක ඒ විදියට කාලය ගත කරන ඔහු මේ දිනවල පවුල් ජීවිතය ගැන කතා කරද්දිත් වෙනදට වඩා ටිකක් සංකීර්ණව ජීවිත ගත කරනවා කියලත් සඳහන් කරලා තිබුණා….

ඉතින් අපි කොයි කවුරුත් දන්නවා ගයාන් විවාහ වෙන්නේ කලා ක්ෂේත්රයේම නමක් දිනූ රංගන ශිල්පිනියක් වන චතුරිකා පීරිස් සමඟයි.
මොවුන් දෙපළට දැන් ආදරණීය දියණියක් ඉන්නවා. ඇය නමින් ආරාධනා.


ඒ විදිහට කාලය ගතකරන ගයාන් පසුගිය කාලසීමාව පුරාවටම අරගලය වෙනුවෙන් කතා කරපු කෙනෙක්. ඒ වගේම තමයි ඔහු පවතින රජය බලයට ගෙන ඒම සඳහා ඇප කැප වෙලා කටයුතු කරපු කෙනෙක් කියන්නත් කොයි කවුරුත් දන්නවා. නමුත් හිතුවා වගේ වැඩේ වෙන්නැති වුණාම ගයාන් තීරණය කරනවා එවැනි පාලකයන් බලයට ගෙන ඒම සඳහා සහය දුන්නට ජනතාවගෙන් සමාව ඉල්ලන්න.

ඒ වගේම තමයි ඔහු දේශපාලනය නිසා කොයිතරම් කලකිරීමට ලක් වෙච්ච කෙනෙක් ද කියනවා නම් ජනතාවට බොරු කරන්න බැරි නිසා පවතින රජය වැඩක් කරපු නැති නිසාත් ටික කාලයක් නිහඬ වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ඔහු පාවිච්චි කරපු ජංගම දුරකථනයේ සිම් පත පවා වෙනස් කරන්න ගයාන් තීරණය කරනවා.
ඒ විදියට කලකිරුණු ස්වරූපයෙන් ඉන්න ඔහු පසුගිය කාලසීමාව පුරාවටම අරගලයත් එක්ක එකතු වෙලා ඒ හා වැඩ කටයුතු රැසක නිරත වුණා.

ඒ වගේම තමයි මේ දවස්වල ගෑස් නෑ , තෙල් නෑ , හැමෝම පෝලිම් වල තමයි කාලේ ගත කරන්නේ.
ඉතින් ගයානුත් ඒ විදිහට ගතකරන දුක්ඛිත ජීවිතය පිළිබඳව සැර සටහනක් මුහුණු පොතට එකතු කර තිබුණා.
ඒ සටහන තමයි මේ.




- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන
- තරගයක් නැතිවම මෙවර ”මිසිස් ශ්‍රී ලංකා කිරුළ” ඌෂි පෙරේරාට (ඡායාරූප සහිතයි)
- ”විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑ, හැබැයි ඒක අපූරුයි” – අභිෂේකා විමලවීර
- රංගන ශිල්පිනි සඳනි පතිරණගේ යුග දිවියට (ඡායාරූප සහිතයි)