ලබන මස 01 වනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා.
ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ ඊයේ (28) ප්රවාහන ඇමතිවරයා හා බස් සංගම් අතර පැවතී සාකච්ජා වලින් අනතුරුවයි.
එසේ පැවසුව ද ලංගම බස් ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ලංගම සභාපති කිංස්ලි රණවක කියා සිටිනවා.
අද උදෑසන රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පුද්ගලික බස් රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ”බස් ගාස්තු වැඩි කරන එක සහගහන අපරාධයක්” බවයි.
නමුත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අංජන ප්රියන්ජිත් පවසන්නේ අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ යන බවයි.