උණුසුම් පුවත්
Search
thilini priyamali

”තිළිණි ප්‍රියාමාලි එක්ක අපේ සම්බන්ධයක් නෑ” – දමිතා සහ යුරේනි කියයි

197

තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාවගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට මෙරට ප්‍රකට මාතෘකාවක් වී හමාරයි.

මේ සම්බන්ධව තවදුරටත් පැමිණිලි ලැබුනහොත් ඒ පිළිබඳවද විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් පාර්ශ්වයන් කිහිපයකගෙන්ම ඊට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

රුපියල් මිලියන 226කට අධික මුදල් සහ රන් භාණ්ඩ සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලි නමැතිය මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත්තේ.

image 76

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ සබඳතා පවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල පැතිර යන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිගේ මාධ්‍ය අංශයෙන් එම වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව ප්‍රකාශ කරනවා.

එමෙන්ම මෙරට ප්‍රකට රංගන ශිල්පීන් පෙළක් ද තිළිණි ප්‍රියමාලි සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත් මෙම වංචනික ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකට නිලි දමිතා අබේරත්න ද සිය මුහුනුපොතේ සටහනක් තබමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණේ මෙලෙසිනුයි.

image 77

මාගෙත් තවත් සහෝදර කලාකරුවෝ කිහිප දෙනෙකු ගැනත් තිලිණි ප්‍රියමාලි නැමැති කාන්තාවකගෙ කූට ව්‍යාපාරවලට මමද හවුල් වූ බවට කියැවෙන වට්සාප් පණිවිඩ වගේම මෙවැනි පින්තූර පාවිච්චි කරමින් මේ තබන සටහන් සහ මේ සියලු පුවත් මවමින් සමාජ මාධ්‍ය ජාලා වල පවා කරන මේ දේශපාලණික වගේම මා අරගලය වෙනුවෙන් පෙනී සිටි නිසා සහ මේ කාලකන්නි ක්‍රමවේදයට විරුද්ධව අරගල කල ප්‍රසිද්ධ චරිතයක් වුනු නිසාම මේ වැනි අසත්‍ය තොරතුරු පල කරමින් මේ කරන්නාවූ පහත් දේවල් වලට පිලිතුරු දිය යුතුයි කියා මා සිතනවා.මේ කියන්නාවූ කිසිදු දෙයකට හෝ මේ තිලිණි නැමති අය සමග කිසිදු සම්බන්ධයක් මා සමග නැති බවත් මේ කිසිදු ව්‍යාපාරයකට හෝ මේ පවසන ආකාරයේ කිසිදු දෙයකට මාකිසිදු සම්බන්ධයක් නැති බව තරයේ ප්‍රකාශ කරමි..

මා සම්බධයෙන් මෑතකදී ඇති වු දේශපාලනික ප්‍රවණතා නිසා වගේම රාජපක්ෂ රෙජීමය පමණක් නොව මේ ක්‍රමවේදයේ සිටින සියලු හොරුන් පාට පක්ෂ භේදයකින් තොරව පිරිසිදු කිරීමට දැනුත් වගකීමෙන් වැඩ කරන බවත් මෙවැනි මඩ ගැසීම් මා වෙනුවෙන් තව තවත් තීව්‍රව කරගෙන යාමට මේ ක්‍රමවේදයේ මිනිසුන් වගේම වෘත්තීය වශයෙන් මුහුණට හොද පෙන්වා යටින් ගිණි අරගෙන යන (මේ ක්‍රමවේදය රටේ ස්ථාපිත කරන්නට උරදුන්) වෘත්තීය කුහකයින් පිරිසක්ද දැඩිව උත්සාග ගැනීමක් මේ මොහොතේ සිදුවෙමින් පවතී..ඒ අතර මට ශක්තියක් වෙමින් මෙවැනි පුවත් තරයේ හෙළා දකින උතුම් බහුතර පිරිස අගයන්නටද ඒ අය මා හට දෙන ආශීර්වාදයට ස්තූති කිරීමටද ගෞරවය දැක්වීමටද මා අමතක කරන්නේ නෑ..

පෞද්ගලිකවම මා හට අපහාස කිරීමේ අරමුණින් මාධ්‍යවේදී නම් ව්‍යාජව සකසා ගනිමින් fake profile හදාගනිමින් මේ සුදුකරන්නාවූ පදනම් විරහිත චරිත ඝාතන සම්බන්ධයෙන් මෙහි නම් සදහන් සියලු කලා ශිලිපීන් නීතිමය පියවර ගන්නා බවත් මෙවැනි අසත්‍ය දේවල් ප්‍රචාරය කරමින් සිතාමතා ඒ කටයුතු වලට උදවු වන සියලු දෙනාටත්(මේ පෝස්ට් share කරන) නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පැහැදිලිවම සදහන් කරමි.

කඩාවැටුණු මේ රට ගොඩ ගැනීම වෙනුවෙන් අප ඉදිරියේදීත් කරන්නාවූ කැපකිරීම් මෙවැනි අපහාස කිරීම් මඩ ගැසීම් හමුවේ හෝ නින්දා අපහාස ගැරහුම් හමුවේ මැඩලිය නොහැකි බවත් සදහන් කල යුතුයි..

ඒ වගේම මේ පෝස්ට් වල දමා ඇති පින්තූරු පේශල මනෝජ් සහෝදරයාගේ ආදරණීය බිරිද පූර්ණිකාගේ උපන් දිනය වෙනුවෙන්මා සගභාගී වුනු මොහොතේ ගැබිනි මවුවරුන් වෙනුවෙන් පූර්ණිකා කල පරිත්‍යාගයට මාවද එක්කර ගත් මොහොතේ ගත් ඡායාරූප බවත් සත්‍ය වශ්‍යෙන්ම කලා ලෝකේ සහ මේ කූට ව්‍යාපාර වෙනුවෙන් සම්බන්ධ වුනු පිරිස හැකි ඉක්මණින් මේ රටට ජනතාවට හෙළි කරන ලෙසත් ඉල්ලීමක් කරමි..මෙවැනි සාවද්‍ය තොරතුරු සපයන සියලු දෙනා තරයේ හෙළා දකින් අතර ගෞරවාන්විතව මාධ්‍යය හසුරවමින් කටයුතු කරන මාධ්‍යවේදීන්ට මගේ කෘතගුණ දක්වමි…ස්තූතියි

image 72
image 73

එම චෝදනාවට සම්බන්ධ කරමින් මෙරට ප්‍රකට රංගන ශිල්පිනි යුරේනි නොෂිකා සම්බන්ධව ද ප්‍රචාර පැතිර යන අතර ඇය ද මේ ගැන සිය මුහුනුපොතේ සටහනක් තබා ඇත්තේ මෙලෙසිනුයි.

මගෙ නම සඳහන් කරමින් තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාවකගෙ කූට ව්‍යාපාරවලට මම ද හවුල් වූ බවට කියැවෙන වට්සඇප් පණිවිඩයක් මේ දිනවල සංසරණය වෙයි. මේ සඳහන් කරන කාරණය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් මේ කාන්තාව සහ මා අතර කිසිදු ව්‍යාපාරික හෝ වෙනත් කිසිම ආකරයක සම්බන්ධයක් නැති බවත් තරයේ සඳහන් කළ යුතුය. පෞද්ගලිකවම මඩ ගැසීමේ චේතනාවෙන් ව්‍යාජ මාධ්‍යවේදී නම් යොදා ගෙන සිදුකරන මේ චරිත ඝාතන සම්බන්ධයෙන් මෙහි නම් සඳහන් කලාකරුවන් සියලු දෙනාම නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවත් මෙහිදී කිව යුතුය.

image 75
image 74