අවුරුදු කුමරිය තරගාවලියකින් කලාවට ආපු ඇය ප්‍රකට රංගන ශිල්පිනී හේෂානි ලියදිපිටයි. ඇය රංගනයෙන් දායක වුණු ‘ධරණී’ ටෙලිනාට්‍යය තුලින් බෙහෙවින් ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියත්වය ලබපු කෙනෙක්. ඉතින් ඇය ගැන පසුගියදා සමාජ මාධ්‍ය තුළ හුවමාරු වු වුණු ඡායාරූප කිහිපයක් අපි දුටුවා.

ඒ ඇය ඇගේ උපාධි උත්සවයේ දී ගත් ඡායාරූප. ඉතින් ඒ විදිහට කවුරුත් ආදරය කරන හේෂානිගේ තව කලා කටයුතු ඉදිරියේ දී එන්න තියෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම නිම කළ හේෂානි ඇගේ කලා කටයුතු සමගින් මේ වන විට කාර්යබහුල වෙලා ඉන්නවා.

ඉතින් පසුගිය දා ඒ අතරම අපට අසන්නට ලැබුණේ සුභ ආරංචියක්. ඒ ඇගේ විවාහ ගිවිස ගැනීමයි. ඉතින් ඇය විවාහ ගිවිස ගත්තේ විදෙස් රටක වැඩිදුර අධ්‍යාපන හදාරන කෙනෙක්. ඉතින් ඔහු ඇගේ කලා ගමනට ලොකු සහයෝගයක් ලබා දෙන කෙනෙක්. ඉතින් ඇය විවාහ ගිවිස ගැනීමේදී ඇගේ ආදරණීය සැමියා ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදියට.

”මම හැමදාම හෙව්වේ මම විධියටම ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් මට ඒ වගේම කෙනෙක් ලැබුණා…. අපි දෙන්නාගේ සිතුම් පැතුම් ගොඩක් දුරට සමානයි. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්න හරිම ලේසියි. අපි දෙන්නා යාළු වෙලා ඊට පස්සේ තමයි අම්මලාට කිව්වේ. ඊට පස්සෙ අම්මලා එයා ගැන ගොඩක්ම හොයන්න පටන් ගත්තා. ඉතින් අද එයා ලැබීම ගැන සතුටුයි….

වෙඩින් එක ගන්න තව අවුරුද්දකින් විතර තමයි සූදානම් කරගන්න තියෙන්නේ. අපි දෙන්නා එළියට විස්තර දුන්නේ නැති උනාට ගොඩක් කාලයක් තිස්සේ අඳුනගෙන ඉන්නේ. මගේ අධ්‍යාපන කටයුතු ඉවර උන නිසා කාලය හරි කියලා තමයි එන්ගේජ් උනේ. ”
