උණුසුම් පුවත්
Search
umali saranga

”අපි අපේ ප්‍රශ්න අමතක කරලා දැන් යාළුවො වගේ සතුටින් ඉන්නවා” – සාරංග දිසාසේකර

172

රංගන ශිල්පියෙක් විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. කවුරුත් දන්නා විදියට පළමු විවාහයට සමුදුන්න ඔහු මේ වෙනකොට දිනක්ෂි ප්‍රියසාද් සමඟ විවාහ වෙලා දියණියක් ද ලබා පිය පදවියට උරුමකම් කියනවා. ඉතින් මේ කතාබහ උපුටා ගන්නේ සාරංග කමග කළ සාකච්චාවකින්.

සාරංග මොකද වෙන්නේ මේ දවස්වල ?

”මේ දවස්වල ඉතින් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා හිටියා, ඒ වගේම මගේ නිර්මාණයක් පහුගිය දවස්වල විකාශනය අවසන් වුනා…. ඊට අමතරව ඉතින් ආදරණීය බිරිඳ දිනක්ෂි සහ බබා එක්ක සතුටෙන් විනෝදෙන් කාලය ගතකරනවා…. වෙන කියන්න තරම් විශේෂ දෙයක් නෑ”

image 144

සාරංග සහ දිනක්ෂි විවාහ වෙන්න කලින් ගොඩක් අය එක එක කතා කිවුවා, ගොඩක්ම කතා කිවුවේ දිනක්ෂිට, ඔයාලා ඒ වෙනුවෙන් මොකද කලේ?

”මෙහෙමයි…. අපිට ඒ වෙනුවෙන් ලොකුවට මොකවත් කරන්නවත් මොනවත් කියන්නවත් විදියක් නෑ…. මොකද එක එක තැන්වලට නෙගිටිවූ යන්න පුළුවන් නේ. සමහර අය මගේ ඉස්සර ජීවිතේ එල්ලිලා ඉන්නවා…. ඒ කියන්නේ මගේ අතීතයේ තමයි ඒ අය ඉන්නේ, දැන් මම මගේ ජීවිතේ ඉස්සරහට ගිහින්…. උමාලිත් එයාගේ ජීවිතේ ඉස්සරහට ගිහින්…”

image 141
image 140

”පහුගිය කාලයේ උමාලිගේ අත්තම්මා නැතිවෙලා ඒ අවසන් කටයුතු වලට මමයි දිනක්ෂියි ගිහින් උමාලිගේ පවුලේ අය එක්ක කතා කරලා, උමාලි එක්ක කතාබහ කරලා ආව…. අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ…

image 142

හැබැයි තාම උමාලි සහ මම ගැන කතා කරන අයට වැරද්දක් කියන්න බෑ, මොකද මටයි උමාලිටයි ආදරේ කරපු ලොකු පිරිසක් හිටියා…. ඒ අය කැමති නෑ අපි වෙන්වෙනවට, කොහොම වුනත් දැන් මම මගේ ජීවිතේ ඉදිරියට ගිහින් උමාලිත් එහෙමයි, අපි අපේ ප්‍රශ්න අමතක කරලා දැන් යාළුවො වගේ සතුටින් ඉන්නවා… මට කැමති අය උමාලිට බනිනවා, උමාලිට කැමති අය මට බනිනවා, ඒ අය එක තැනක නතර වෙලා. අපි අපේ ජීවිත වල ඉස්සරහට ගිහින්, දැන් අපි හොඳ යාළුවො….”

image 143