රියැලිටිකරණයෙන් බිහි වෙලා සංගීත ක්ෙෂ්ත්‍රයට අවතිර්ණ වුවත් ඇය තවමත් ඉඳහිට හෝ ගී ගයනවා. ඇයව බොහෝ දෙනෙකුට මතකයි. ඇගේ ගීත මිහිරියි. ඇය වෙන කවුරුවත් නොව ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල්ගේ ලේළියයි. ඇය චේතනා රණසිංහ. මේ කතාබහට ඉඩක් වෙන් කළේ ඇයටයි.
චේතනා කොහොමද ජීවිතේ ..?
සුපුරුදු පරිදිම ජීවිතේ ගෙවිලා යනවා. මම අවුරුදු 06ක් තිස්සේ ආයතනික රැකියාවක් කරනවා. සතියේ දින පහ ගෙවෙන්නේ ඒ රාජකාරී කටයුතු එක්ක තමයි.
එතකොට සංගීත වැඩ පැත්තකින් තියලද..?
සංගීතයට සම්පූර්ණයෙන්ම කාලය දීලා නැහැ. ජොබ් එක තමයි අංක එක. අංක දෙක සංගීතය. පුළුවන් විදිහට සංගීත වැඩකටයුතු කරගෙන යනවා. පැත්තකට දාලත් නැහැ.
ඔබේ සැමියා කසුන් පැස්කුවල් නම් සම්පූර්ණයෙන්ම සංගීතයට සමු දීලා කියලා ආරංචියි ..?
ටික කාලයක් යනකල් එයා කිසිම නිර්මාණයක් කරන්නේ නැහැ කියලා ඉන්නේ. ලංකාවේ තියෙනවා තත්ත්වය එක්ක එයාට ගීත කරන්න අදහසක් නැහැ. එයා ඇමරිකානු ආයතනයක හොඳ තනතුරක් සහිත රැකියාවක් කරනවා…. කොරෝනා වලින් පස්සේ එයා ගෙදර ඉඳලා තමයි ඒ රැකියාව කරන්නේ. එයා ඒ ජොබ් එකෙන් සෑහීමකට පත් වෙනවා.
රටේ ආර්ථික තත්ත්වය කියලා ඔබත් ස්වතන්ත්‍ර නිර්මාණ කරන්නේ නැද්ද ..?
ලංකාවේ ආර්ථිකය එතරම් හොඳ මට්ටමක නෙමෙයි තියෙන්නේ. ගීතයක ඕඩියො එක කරන්න ලක්ෂයක් දෙකක් යනවා. ගීතයක් වීඩියෝ එකත් එක්ක කරන්න ලක්ෂ පහක් හයක් ඕන. ඉස්සර වගේ ලේසි නැහැ ගීත නිර්මාණය කරන්න. නමුත් මම අවුරුද්දකට කලින් කරපු කවර් සෝංග් එකක වීඩියෝ එකක් ජනවාරි වෙනකොට කරන්න අදහස් කරගෙන ඉන්නවා.
ගීතයක් නිර්මාණය කරන්න යට කරන මුදල් උපයන්න අමාරු ඇති ගීතය ප්‍රචාරය කිරිමෙන් පසුව.?
ඉස්සර නම් පුළුවන්. නමුත් දැන් බැහැ එහෙම යට කරපු මුදල් නැවත උපයන්න. කසුන්ගේ තාත්තාගේ කාලේ වගේ නෙමෙයි. තාත්තාට තවම වැඩ එනවා. නමුත් අපිට අමාරුයි දැන් තියෙන තත්ත්වය එක්ක අලුත් පරම්පරාවක් හැදෙනවා. අලුත් අය බිහි වෙනවා. ඒ අයට හොඳයි. තැනක් හදා ගන්න. මම 2008 අවුරුද්දේ දෙරණ ඩ්‍රීම්ස්ටාර්වලින් ආවේ. දැන් අවුරුදු 15ක් සංගීතය එක්ක ජීවත් වුණා. නමුත් දැන් නිහඬව පුළුවන් විදිහට ගීත කරනවා.
කොහොමද කීර්ති පැස්කුවල්ගෙන් ලැබෙන සහය සංගීත ජීවිතයට..?
ගීතයක් කරලා අවසන් කරන්න කලින් මුලින්ම තාත්තාට ගීතය යවලා අඩු පාඩු හදා ගන්නවා. තාත්තා එදා වගේම අදටත් උදව් කරනවා.
ඔහුත් එක්ක ගීතයක් කරන්න අදහසක් නැද්ද ..?
තාත්තා එක්ක යුග ගීතයක් කරලා නැහැ . එහෙම කරන්න ඕන කියලා හිතුවෙත් නැහැ. නමුත් තාත්තා එක්ක ගීතයක් කරන්න ආසයි. කසුන් එක්ක නම් යුග ගීතයක් කරලා තියෙනවා….
කසුන් පැස්කුවල් එක්ක විවාහ වෙන්නේ 2014 වර්ෂයේ , කොහොමද පවුල් ජීවිතේ…?
ගිය අවුරුද්දේ අපිට කියලා ගෙයක් හදා ගත්තා…. ඒක අපි හිතපු ලොකු ඉලක්කයක්. අපි දෙන්නා හොඳින් පවුල් ජීවිතේ ගෙවනවා.
පවුල් ජීවිතේ බරක් කරගෙන නැද්ද ..?
කොහෙත්ම නැහැ. උදේ පාන්දර නැගිටලා උයලා පිහලා වැඩට යන, පවුල කියලා ඔළුව බරින් ජීවත් වෙන්නේ නැහැ අපි දෙන්නම…. පුළුවන් වෙලාවට කෑම හදාගෙන කාලා ඉන්නවා. ගොඩක් වෙලාවට අපේ ගෙදරින් කෑම දෙනවා. නිදහසේ ඉස්සර වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
පුංචි පවුල කවදාද සම්පූර්ණ කර ගන්නේ..?
රටේ තියෙන ප්‍රශ්න නිසා දරුවෙක් බිහි කරලා දුකක් විඳින්න දෙන්නේ ඇයි කියලා වෙලාවකට හිතෙනවා. තවම දරු සුරතල් බලන්න සූදානම් නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්….