උණුසුම් පුවත්
Search
tanasha

”අපේ ආදරේට අවුරුදු 04ක්, මේ අවුරුද්දේ අන්තිම අපි බඳිනවා” – ටනාෂා හතුරුසිංහ

641

රංගනය ගොඩක් දෙනෙකුට හීනයක්. සමහරු ඒ වෙනුවෙන්ම හීන දකිනවා. තවත් සමහරු ඒ හීනය සැබෑ කරගන්න බොහෝ කැපකිරීම් කරනවා. ඒ අතරේ රංගනයම එයාල හොයාගෙන ඇවිත් අවස්ථාව දුන් අයත් ඉන්නවා. ඒ නම් ඔවුන්ගේ වාසනාව කිව්වොත් නිවැරැදියි. ඇයත් එවන් අහඹුවක්. ඇය නමින් ටනාෂා හතරසිංහ. මේ කතාබහ ඇයත් එක්ක කළ එකක්….

“මම කවදාවත් නිළියක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි. මට ඕන වුණේ ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න. මම උසස් පෙළට ජීව විද්‍යා අංශය තෝර ගත්තේ. සාමාන්‍ය පෙළ දක්වා කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. උසස් පෙළට නාවල ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වුණා. පාසල් යන කාලෙදිමයි මට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලැබුණේ.

image 531

දවසක් සැලෝන් එකක් කරන මගේ අම්මගෙ යාළුවෙක් මාව දැකල මනාලියක ලෙස හැඩ ගන්වන්න ආසයි කියලා කිව්වා. එදා ගත්ත පින්තූර ඉන්ටනෙට් දාල ඒවා දැකලා, මට මියුසික් වීඩියෝ එකකට ආරාධනා ලැබුණා. ඒකෙ හිටිය මේකප් ආර්ටිස් මාව වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ කළා. ඒ වෙද්දි මට අවුරුදු 16ක් වගේ. ඊට පස්සෙ වෙළෙඳ දැන්වීම් කිහිපයකටම පෙනී ඉන්න අවස්ථාව ලැබුණා.

image 526

ඔය අතරේ රොසෑන් ඩයස්ගේ නිරූපණ පාඨමාලාවත් හැදෑරුවා. රංගනයට කලිනුයි මම නිරූපණ ක්ෂේත්‍රයට ආවේ. ඊට පස්සේ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානය දිනාගත්තා. ඒකෙන් මට මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් කියන ටයිට්ල් එක ලැබුණා. ඒ පැජන්ටා එක තිබ්බේ තුර්කියේ අසර්බයිජාන්වල. ඒකට සහභාගි වෙද්දි මට අවුරුදු 18යි. ඒක ජයග්‍රහණය කරලා ආවට පස්සේ තමයි මට රංගනයට ආරාධනා ලැබුණේ.

image 532

මිස් ශ්‍රී ලංකා අවසන් වටය කරද්දි රොෂාන් රණවන අයිය ඔහුගේ අලුත්ම චිත්‍රපටියේ අධ්‍යක්ෂකට කියලා තිබුණ ඒකට හොයන චරිතයට මාව හොඳයි කියලා. ඒ විදියටයි ‘රන් දේදුන්න‘ චිත්‍රපටයට මං සම්බන්ධ වුණේ. ඒක මගේ සිනමාවේ පිවිසුම් දොරටුව කිව්වොත් හරි. ඊට පස්සේ දෙරණෙන් නිෂ්පාදනය කළ ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘තිමිරගිර‍’ ටෙලි නාට්‍යය හරහා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් පිවිසුණා.

image 527

නීලපබළු ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණත් තිමිරගිරෙන් පස්සෙ ආයිම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙ නෑ කියලයි හිතන් හිටියේ. නිවේදන කටයුතු දිගටම කළා. සිරස නාලිකාවේ ජූනියර් සුපර් ස්ටාර් නිවේදන කටයුතු කරද්දි නීලපබළු නිෂ්පාදක ලලිත් වසන්ත සොයුරාගේ මැදිහත්වී‍මෙන් මගේ අදහස වෙනස් වෙලා නැවතත් මං නීලපබළු ටෙලි නාට්‍යට සම්බන්ධ වුණා. ඒක වසර ගාණක ඉඳන් තාමත් විකාශය වෙනවා. මං රඟපෑ චිත්‍රපටි 3ක් තිරගත වීමට නියමිතව තියෙනවා.”

image 528

නීලපබළුහි කුරුලු මේ වනවිට අතිශය ජනප්‍රිය චරිතයකි. එය තවදුරටත් තහවුරු වන්නේ අඛණ්ඩව තෙවසරක්ම ඇය ජනප්‍රියම නිළියට නිර්දේශ වීමෙනි. පිය සෙනෙහස අහිමි වීමෙන් ශෝකයට පත්වන කුරුලු නිවසට පැමිණි නාගයකු තම පියා ලෙස සිතයි. නාගයා සමඟ රංගනයේ යෙදීම ද ඇයට වෙනස් අත්දැකීමක් විය. එහි අපූර්වත්වය වූයේ එම සත්ත්වයා ද ටනාෂා සමඟ බෙහෙවින් කුළුපග වීමයි. දර්ශන කිහිපයකට පමණක් පෙනී සිටීමට පැමිණි නාගයා, නළුවකු බවට පත්කරමින් මෙහි තිර පිටපත වෙනසකට ලක්කිරීම ද විශේෂ සිදුවීමකි.

image 529

“තිර පිටපතේ තිබුණේ නයා නිකන් බලාගෙන ඉන්න දර්ශන විතරයි. නයා ලොකේෂන් එකට ගෙනාපු වෙලාවෙ මට ආස හිතුණා එයාව අල්ලන්න. මං මිස් ශ්‍රී ලංකා යද්දි ප්‍රොජෙක්ට් එකක් කළා දෙහිවල සත්තු වත්ත සම්බන්ධ කරගෙන. ඒ නිසා මට බය හිතුණේ නෑ. කොහොමත් සත්තුන්ට මං හරි ආසයි. එයා මට පුදුම විදියට හීලෑ වුණා. මං සතාව අල්ලනව දැකල තමයි තිර පිටපත ඒ විදියට වෙනස් කළේ.”

image 530

මනාලියක රුවින් සැරසුණු ඡායාරූප නිසා ඇය රංගන ශිල්පිනියක් වූවාය. එය ඇයට තවමත් සිහිනයකි. එදා නොසිතාම ඉටු වූ ඒ සිහිනය අද ඇය අබියසය.

“මනාලියක විදියට එදා ඇන්දට මට ඒ ගැන කිසිම හැඟීමක් තිබුණේ නෑ. ඒත් දැන් මං ආදරේ විඳිනවා. අපේ ආදරේට අවුරුදු 04ක් වෙනවා. එයා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒත් මං මේ ක්ෂේත්‍රයේ ඉන්නවට කැමතියි. මගේ රංගනයට එයා ගොඩක් උදවු කරනවා. අපි හොඳින් තේරුම් අරන් ඉන්නේ. ඒ සිහිනය මේ වසර අවසානයේ සැබෑ වෙනවා.”‍

image 525



Leave a Reply

Your email address will not be published. Required fields are marked *