රටම දන්න කලා යුවලක් තමයි නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ. රටක් ආදරේ කරන මේ යුවල දැන් දෙමාපියන් වෙලා ඉන්නවා කියලා නොදන්නා කෙනෙක් නැහැ. විදෙස්ගතව සිට ලංකාවට පැමිණ සිටින ඔවුන් පළමු දියණියට අවුරුද්දක් පමණ වයස වෙද්දී නැවත වරක් දෙමව්පියන් වෙන්න වාසනාවන්ත වෙලා තියනවා. ඔවුන් දෙදෙනාගේ ලස්සන ආදර කතාව බොහෝ දෙනෙක් දන්නා දෙයක්.
ඉතින් මේ ලස්සන පවුල් ජිවිතේ ගැන නෙහාර කියලා තිබුනේ මෙහෙමයි…..
”දියණිය ලැබිලා ටික කාලයක් යනකල් රංගන කටයුතු වල නිරත වෙලා ඉඳලා නැවතත් විරාමයක් අරගෙන දැන් නිදහසේ කාලය ගතකරනවා. දැනට විකාශය වීමට නියමිතව මගේ අලුත් නිර්මාණ නම් නැහැ. අන්තිමට දායක වුනෙත් මේනක අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්යකටමයි. මේ දවස්වල හැමතැනම ආරංචි යනවා මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා, ඔව් ඒ කතාව ඇත්ත…..”

දෙවන දරුවා ගැන බලාපොරොත්තු ගැන ඇය කිව්වේ මෙහෙමයි….
”පලවෙනි දියණිය ලැබුනම දැනුන හැඟීමට වඩා වෙනස් දෙයක් දැනෙන්නේ. දැන් ඉතින් දෙදරු මවක් කිව්වම මට ආඩම්බරයක් දැනෙන්නේ. ඒක හරිම නැවුම් අත්දැකීමක් වචන වලින් කියන්නත් තේරෙන්නේ නැහැ. ඉදිරියට වගකීම් ගොඩක් තියේවි. ලොකු දියණියට හොඳට උගන්නන ඕන. තවත් කෙනෙක් අපේ කැදැල්ලට එන්න සුදානමින් ඉන්නවානේ. හැමදේකටම මුහුණ දෙන්න සතුටින් ආසාවෙන් බලාගෙන ඉන්නවා.”


දෙවෙන දරුවා දුවෙක් වෙනවටද පුතෙක් වෙනවටද කැමති කියලා කිව්වේ මෙහෙමයි…..
”දුවෙක්ද පුතෙක්ද කියලා ප්‍රශ්නයක් නැහැ, ආයෙත් දුවක් ලැබුනත් සතුටින් බාරගන්නවා…”

මේනකගේ කාර්යබහුල ජීවිතය ගැනත් ඇය කිව්වා….
”මේනක දැන්නම් ටිකක් කර්යභාහුලයි…. රංගනය නිසාම නෙවෙයි. අපි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා, අමෙරිකාවේ ලියාපදිංචි වෙලා තියෙන සමාගමක්. මේනකටත් උවමනාවක් තිබුනා ලංකාවෙත් ඒ අයගේ නිෂ්පාදන ආයතනයක් හදන්න. ඒ නිෂ්පාදන ආයතනයෙන් ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ චිත්‍රපට නිෂ්පාදනය කරන්න පුළුවන්….”

ගෘහ ජීවිතයට මුල්තැන දෙන්න කැමති නෙහාරා….
”මම පුංචි කාලේ ඉඳලා හීන මැව්වේ අම්මා වගේම හොඳ ගෘහනියක් වෙන්න….. විටින් විට රංගනයෙන් ඉවත් වීම ගැන දුකක් නැහැ. මොන තරම් ජනප්‍රිය වුනත් පවුල් ජීවිතේට මුල්තැන දෙන්න ඕන කියන තැන මම හැමදාම ඉන්නවා. දැන් ඉතින් දරුවෝ එක්ක ඉස්සරහට කොහොමත් කාර්යභහුල වේවි. අපේ පලවෙනි බබාට අවුරුද්දක් වෙද්දී දෙවැනි බබව හදමු කියලා මේනකයි මමයි ඉස්සර ඉඳලාම ප්ලෑන් කරලයි තිබුනේ….”




Source – Rata wasiya
Photos – Nehara peries fb account
- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන
- තරගයක් නැතිවම මෙවර ”මිසිස් ශ්‍රී ලංකා කිරුළ” ඌෂි පෙරේරාට (ඡායාරූප සහිතයි)
- ”විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑ, හැබැයි ඒක අපූරුයි” – අභිෂේකා විමලවීර
- රංගන ශිල්පිනි සඳනි පතිරණගේ යුග දිවියට (ඡායාරූප සහිතයි)