උණුසුම් පුවත්
Search
amila

”අපේ පුද්ගලික ජීවිතේ, කන බොන, යන එන තැන් ලෝකෙට පෙන්නන්න ඕන නෑ” – අනුෂාගේ සැමියා අමිල ජයතිලක

1233

ශ්‍රී ලාංකීය සිනමාව තුළ අමතක කරන්න බැරි චරිතයක් තමයි අනුෂා දමයන්ති කියලා කියන්නේ. ඇයටම ආවේණික වූ කතා විලාශයක්, හැසිරීම් රටාවත් රංගන විලාසයත් නිසා බොහෝ රසික රසිකාවියන්ගෙන් නිරන්තර ආදරයට නතු වීමට ඇයට පුළුවන්කම ලැබී තිබෙනවා. එදා මෙදා තුර අදටත් ඇයගේ රූ සපුව නම් කිසිදු වෙනසක් සිදු වෙලා නැහැ. ඒ තරමටම ඇය ඉතාම ප්‍රියමනාප සුන්දර කාන්තාවක්. ඉතින් මේ දවස්වල ඇය ගැන වැඩිපුරම කවුරු අතරත් කතාබහට කතා බහට ලක්වන්නේ ඇයගේ අපූරු විවාහ මංගල උත්සවය නිසයි.

image 103

අති උත්කර්ෂවත් ලෙස කලා තරු පිරිවරා ගනිමින් විවාහ දිවියට එළඹුණු ඇය විවාහ වන්නේ කායවර්ධන විනිසුරුවරයෙක් වන අමිල ජයතිලක නම් වූ කඩවසම් තරුණයා සමගයි.

image 104

අවුරුදු 14ක් වැනි දිගු කාලයක් පුරාවටම පෙම්වතුන් ලෙස සිටි ඔවුන් එදින ඔවුන්ගේ ජීවිතයේ වටිනාම සිහිනය සැබෑ කරගනු ලැබුවා. ඉතින් ඒ පිළිබඳව ඇයගේ සැමියා වන අමිල එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී පවසා තිබුණේ මේ වගේ දෙයක්……

image 105

”මගේ තිබ්බ එකම ආසාව අනුෂව බිරිඳ කරගන්න එක කිව්වොත් හරි….. දැන් මට වෙන බලාපොරොත්තු ආසාවල් නැහැ…. අනුෂා දැන් මගේ. ඒ දවස එනකල් නොඉවසිල්ලෙන් හිටියා. අනුෂා විවාහ වෙන්න කල් ගනිද්දි මම ඉවසගෙන හිටියා…. විවාහය කල් ගියා කියලා, අපිට අපි ගැන අවබෝධයක් තිබ්බ නිසා ප්‍රශ්න මතු වුණේ නැහැ. වෙඩින් ෆොටෝස් දානකල් අපි දෙන්නගේ ෆොටෝස් එළියට නොයන්න අපි වග බලාගත්තා. ඒ ලෝකෙට බයේ නෙමෙයි. එයා නැති වෙයි කියන බයටත් නෙමෙයි…. අපේ පුද්ගලික ජීවිතේ, කන බොන, යන එන තැන් ලෝකෙට පෙන්නන්න ඕන නැති නිසා…. පුද්ගලික ජීවිතේ හැංගිලා තියෙන්න ඕන. එතකොට තමයි ලස්සන….

image 106

එයාට ලස්සන ඇහැක් තියෙනවා. ඒ ඇහැ වර්ණවත්…. ඒ නිසා එයාට ඕන විදිහට ලස්සනට ජීවත් වෙන්න ලස්සන ගෙයක් හැදුවා. ඒ ගෙදර සියලු ගෘහ උපකරණ එයාට ඕන විදිහට ගත්තේ. එයාගේ සතුට මමත් භුක්ති විඳිනවා…..”

කොහොම නමුත් ඉතින් අලුත යුග දිවියට පිවිසි ඔවුන් දෙදෙනාටම අපිත් සුබ පැතුම් එක්කරනවා.

image 107