උණුසුම් පුවත්
Search
chulakshi

”නිරුවත මාකට් කරන්න ඕනි නෑ” – සරාගී විලාසිතා පෙළකින් යළිත් බුකිය රත් කරන චුලක්ෂි

681

ෆොටෝ ෂූට් නිසාම බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගන්නා අපේ රටේ ප්‍රකට රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ. ඇය නිරූපනය කරන විලාසය නිසාම බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගන්නවා කිව්වොත් හරි. ඒ වගේම අසරණ මිනිස්සු වෙනුවෙන්, ඇය බොහෝම උපකාර කරන කෙනෙක්…. ඉතින් මේ කතාබහ ඇය සමඟ කළ සාකච්චාවකින් උපුටා ගත්තක්.

image 175

“මම ගමකින් ආපු කෙනෙක්.. මම දැකලා තියෙනවා කන්න නැතුව ඉන්න මිනිස්සු.. මට ඒක සමීපයෙන් දැනෙනවා. අපි ජීවත් වෙන සමාජයේ මට අනිත් අයත් තමන්ගේ කියන හැඟීම දැනෙනවා…. සමහර දෙමව්පියන්ගේ ළමයින්ගේ කෑම පෙට්ටි ඇරලා පෙන්නද්දි මට නම් වේදනාවක්..”

image 176

ගිනිමල් පොකුරු එකේ ඇය ඉසුරු එක්ක රඟපෑව චරිතයට ඇයට චෝදනාත් ආවා… ඒ ගැන කිව්වේ මෙහෙම දෙයක්…

“නිරුවත කියන එක මාකට් කරන්න ඕනි නෑ. ඒ චරිතෙට අවශ්‍ය නම් මම හිතන්නෙ ඒක පෙන්නන්න ඕනි…. අපි චරිතෙකට තමයි පණ පොවන්නෙ. ඒක රඟපෑමට කරන සාධාරණයක්.

image 179

සිනමාව කියන එක විශ්වාසයෙන් කරන්න ඕනි. රංගනයක්, රූපණයක් විශ්වාසයෙන් නොකළා නම් ප්‍රේක්ෂකයෝ ඒක ගන්නෙ නෑ….”

image 177

චුලක්ෂිට වැඩියෙන්ම දැණුනේ තාත්තගේ අහිමි වීම ගැනත් ඇය අදහස් දැක්වුවා….

“මගේ අම්මට වැඩිය තාත්තා තමා කලාව එක්ක සමීප. අම්මා බණ දාගෙන පිරිත් දාගෙන ඉන්න තමා කැමති. තාත්තා ඊට වැඩිය වෙනස්. තාත්තා පළවැනියටම ෆිල්ම් එක බලන්න ගියේ විල්චෙයාර් එකේ. දෙවැනි ෆිල්ම් එක එද්දි තාත්තා ජීවතුන් අතර නැහැ…”

image 178