උණුසුම් පුවත්
Search
Untitled design 47

” අපිට ලොකු ගෙවීම් කරන්නෙත් නැහැ. මේක අමතර රැකියාවක් විධියට කරන්න කියල මං ළමයින්ට කියන්නේ ” – චූලා පත්මේන්ද්‍ර

115

නිරූපණ ක්ෂේත්‍රය තුළ තමන්ගේම කියා තැනක් හදාගෙන ඉහළටම ගොස් සිටින සුරූපී නිරූපණ ශිල්පිනියක් තමයි චූලා පත්මේන්ද්‍ර කියලා කියන්නේ. මේ වන විට වසර විසි පහකට ආසන්න කාලයක් නිරූපණය ඔස්සේ රැඳී සිටින ඇය මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ colombo fashion week හරහාය. ඉන් පසුව ඇයට ජාත්‍යන්තරය නියෝජනය කරමින් නොයෙකුත් පැජන්ට් වලට සහභාගි වීමට අවස්ථාව උදා වූ අතර model of the world pageant එකේ දී වැඩිම සම්මාන ලැබුණ මෝස්තර නිරූපණ ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබුණා.

මේ වන විට ඇය නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියට යන්නට කැමති දරුවන්ට ගුරු හරුකම් දෙන ආදරණීය ගුරුවරියක්. ඉතින් තමන්ගේ අත්දැකීම් එක්ක ඇය ඒ පිළිබඳව එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වල තිබුන මේ විදියට.

311435834 649557523213407 8841003542919062409 n

” අපි මේ ක්ෂේත්‍රයට ආවෙ ඇත්තටම මේ ක්ෂේත්‍රයට තිබෙන ආදරේ නිසා මිසක් ජනප්‍රිය වෙන්න හිතාගෙන නෙවෙයි. නමුත් දැන් ඉන්න නවකයන්ට අවශ්‍ය මොනවාහරි කරලා ජනප්‍රිය වෙන්නයි. ඉස්සර වගේ දැන් ප්‍රසංග නැහැ. අපිට ලොකු ගෙවීම් කරන්නෙත් නැහැ. ප්‍රමිතියක් නැතුව බොරු හීන පෙන්නලා නවකයන්ව එළියට දානවා. අන්න එහෙම ළමයි යන්න තැනක් නැති වුණාම තමයි ගණිකා වෘත්තියට පවා පෙලඹෙන්නෙ. මම අදටත් මගෙන් ඉගෙන ගන්න සිසුන්ට කියන්නෙ ස්ථිර රැකියාවක් තබාගෙන මේක අමතර රැකියාවක් විධියට කරන්න කියල.

ඒ වගේම ඇය මෙතෙක් පැමිණි මේ දිගු ගමනේ දී ඇයට අත් විඳින්නට සිදු වූ කැපිලි කෙටිලි සහ බාධක පිළිබඳව අදහස් දක්වල තිබුනෙ මේ විදියට.

311965244 656158252553334 1974037627562893409 n

” ඇත්තටම මම ලොකු මහන්සියක් දරලා තමයි මෙතැනට ආවේ. නමුත් ඒ කාලෙ මේ වගේ කැපිලි කෙටිලි තිබුණෙ නැහැ. මොකද ඒ කාලෙ අපේ ක්ෂේත්‍රයෙ හිටියෙ බොහොම දක්ෂ, උගත් පිරිසක්. දක්ෂතාව නැති අය තමයි මඩ ගහන්නෙ. කොච්චර සල්ලි තිබුණත් දක්ෂතාව සල්ලිවලට ගන්න බැහැනෙ. ඒක අපි කැපවීමෙන් හදාගන්න ඕනෙ. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

316410261 678918203610672 2446182455846425755 n