මේ දින වල කලා ලෝකේ හැමෝම කතා කරන පෙම්වතුන් අතර ජනප්‍රිය තරු යුවලක් තමයි අශේන් සිරිවර්ධන සහ මනීෂා චංචලා කියන්නේ. ඉතින් ප්‍රේක්ෂක ආකර්ෂණය, ආදරය වගේම අවදානය දිනාගෙන ඉන්න පිරිස අතර මොවුන් දෙදෙනාත් ඉහළින්ම ඉන්නවා.
හිරු නාළිකාවේ විකාශය වුණු අහස් මාළිගා ටෙලිනාට්‍ය හරහා රංගන ක්ෂේත්‍රයට පා තැපූ අශේන් සිරිවර්ධන මේ වනවිට ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවට පත් වී හමාරයි.
අශේන් සිරිවර්ධන ඔහුගේ පෙම්වතිය මනීෂා චංචලා නිසා තවත් ප්‍රකටයි.
අපේ රටේ ප්‍රකට නිවෙදකයෙකුත් සමඟ පැවති පෙම් සබඳතාවය බිඳ වැටීමත් සමඟ මනීෂා ගැනත් විටින් විට විවිධ කතන්දර සමාජ මාධ්‍ය ඔස්සේ පවා ප්‍රකට වුණා.
කොහොම නමුත් අශේන් සහ මනීෂා පසුගියදා විවාහ ගිවිසගෙන තිබෙනවා. ඉතින් පැරඩයිස් ඉන් බොල්ගොඩ හි පැවති ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවේ ඡායාරූප පෙළක් ද සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් බොහෝ දෙනාගේ අවදානයට යොමුව තිබුණේ මෙලෙසින්.