උණුසුම් පුවත්
Search
Untitled design 58

” අපේ ජීවිත ලස්සන කරන්න එයා සුදුසු වෙලාවෙදි එනකම් අපි බලන් ඉන්නවා ” – සුජානි මේනකා

391

සුජානි මේනකා කියන නම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්.ඒ තරමටම රංගන ක්ෂේත්‍රය තුළ මහඟු සේවාවක් ඉටු කළ ඇය මේ දිනවල දී පෝක් වීදිය ටෙලි නාට්‍ය ඔස්සේ අපිට දැක බලාගන්නට පුළුවන්.ඇය රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය මෙන්ම සිනමාපට ද ප්‍රේක්ෂක ආකර්ෂණය විශාල වශයෙන් දිනා ගත්තේ ඇගේ රංගනයේ ඇති තාත්වික බව නිසාමයි.ඇය ඇත්තෙන්ම කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම නිහතමානී රංගන ශිල්පිනියක් කිව්වොත් මා නිවැරදියි.ඇය විවාහ වී සිටින්නේ ද රංගන ක්ෂේත්‍රයේ මහගු මෙහෙවරක් කරන හරි අපූරු රංගධරයකු වන බිමල් ජයකොඩි සමගයි.ඔහුද රංගනයෙන් දායක වන සියලුම නිර්මාණ ජනතාව අතර අතිශය ආකර්ෂණයට ලක් වන්නේ ඔහුගේ ඇති දක්ෂ රංගන හැකියාව නිසාමයි.අද අපි කතා කරන්න යන්නේ සුජානි මේනකා නම් අති දක්ෂ රංගන ශිල්පිනිය පිළිබඳවයි.ඇය එක්වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙහෙමයි.

31087082 1781318785264488 3659153883827011584 n

“මුලින්ම කියන්න ඕනේ රංගන ක්ෂේත්‍රය කියන්නේ මගේ හැකියාව පෙන්නන්න මට ලැබුණු මහඟු අවස්ථාවක්.මම තෝරගන්න නිර්මාණ පිළිබඳව මම ගොඩක් සැලකිලිමත් වෙනවා.හැම නිර්මාණයකටම මම රංගනයෙන් දායක වන්නේ නැහැ.රසිකයාට අර්ථවත් ගුණාත්මක දෙයක් දෙන්න පුළුවන් නිර්මාණ වලට තමයි මම රඟපාන්න තෝරගන්නෙ.මාව පසුගිය දවස් වල ටෙලි නාට්‍යවලින් සහ සිනමාපටවලින් දකින්න නොලැබුනෙ රඟපාන්න හොඳ නිර්මාණයක් ලැබුණෙ නැති නිසා.සමහර නිර්මාණ තිබුන මට හිතාගන්න බැරිවුනා ඒව කාට බලන්නද හදල තියෙන්නෙ කියලා.

299940505 521926406403329 7425654823772557386 n

මගේ මහත්තයත් වැඩිය කැමති නැහැ මාව සුළු චරිත සඳහා තෝරා ගන්නවට මම මාධ්‍යයත් එක්ක වැඩි ගනුදෙනුවක් නැත්තෙ වැඩිය නිර්මාණ නිර්මාණ වලට දායක වුණේ නැති නිසා.නමුත් මම වෙළඳ දැන්වීම සඳහා නම් රංගනයෙන් දායක වනවා.

121161061 3626363854093296 1949663037998035989 n

ඇත්තටම ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි අපි දෙන්නට තාම දරුවෝ නැත්තෙ කියලා.අපි දෙන්න දැන් විවාහ වෙලා අවුරුදු 14ක් වෙනවා.අපිත් ආසයි ඉක්මනින්ම දෙමව්පියෝ වෙන්න. අපේ ජීවිතය සම්පූර්ණ කරන්න එළිය කරන්න සුදුසුම කෙනා සුදුසුම වෙලාව දී එනකන් අපි දෙන්න බලාගෙන ඉන්නවා.” කියලා තමයි ඇය පවසා සිටියේ.

සුජානි මේනකා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.ඉතින් ඇයගේ සියලුම ප්‍රාර්ථනා සහ බලාපොරොත්තු ඉටු වේවා කියලා සුභාශිංසන එක් කරනවා.

274729595 351139106929679 3333245463149827197 n