උණුසුම් පුවත්
Search
ranil

”අපි දැන් කරන්නේ කොම්පියුටරය රී සෙට් කිරීමයි” – අගමැති

98

ශ්‍රී ලංකාවට නව ආර්ථිකයක් නිර්මාණය කිරීම සිය අරමුණ බව අග්‍රාමාත්‍යවරයා පවසනවා.

අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම 100 වන නිදහස් සමරුව පවත්වන 2048 වන විට ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම අරමුණ බව ද අගමැතිවරයා කියා සිටියා.

“දැන් අපේ රට හරියට ක්‍රියාවිරහිත කොම්පියුටරයක් වගේ. වැඩ කරන්නේ නෑ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මොකක්ද ? අපි මේ කොම්පියුටරය යළි සාදා ගත යුතුයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. කොම්පියුටරය රී සෙට් කිරීම. අතුරු අයවැය මඟින් අප කරන්නේ කොම්පියුටරය රී සෙට් කිරීමයි. ඊට පස්සේ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දා ගන්න. කිසිම වෛරස් එකකට එන්න ඉඩක් නැති වෛරස් ගාඩ් දා ගන්න. ඒත් ඒ සේරම කරන්න කොම්පියුටරය ආපහු පණ ගැන්විය යුතුයි. රී සෙට් කළ යුතුයි.

ඉදිරි කාලයේ අපේ ආර්ථික සැලැස්ම සහ මාර්ග සිතියම පදනම් කරගනිමින් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට අප ඉදිරිපත් කරන්නේ ඒ නිසයි. මම කලිනුත් සඳහන් කළා වගේ අපේ ආර්ථික ස්ථාවර කිරීම හා යළි ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමේ පදනම මේ අයවැය මඟින් සකස් කිරීමයි අපේ බලාපොරොත්තුව.

අතුරු අයවැය මඟින් රජයේ අනවශ්‍ය වියදම් අපි කපා දමනවා. අනෙක් වියදම් සීමාකරනවා. ඒ වගේම අර්බුදයට ලක්වී ඇති ක්ෂේත්‍ර ගණනාවක් යළි නඟා සිටුවීම කෙරෙහි අපේ අවධානය යොමු කරනවා. අපනයන ආර්ථිය, සංචාරක, ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු වෙනවා.

ඒ වගේම අපේ රටේ ආර්ථික වශයෙන් ශක්තිමත් නැති, දුර්වල ප්‍රජාව වෙනුවෙන් මේ අවස්ථාවේ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පෙන්වා දුන්නා. ඔවුන් ඊට එකඟත්වය පළ කළා. අප අතුරු අය වැය සකස් කරන්නේ ඒ කරුණත් පදනම් කරගෙනයි.”




Leave a Reply

Your email address will not be published.