උණුසුම් පුවත්
Search
sangeeth dinithi

”අපි දෙන්නා මේ අවුරුද්දේ බඳිනවා” – සංගීත් සතරසිංහ

161

මේ වන විට සමාජ මාධ්‍ය තුළ ට්‍රෙන්ඩින් කපල් එක විදියට කවුරුත් දන්න ඒ දෙදෙනා තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ. මේ වන විට ජනප්‍රිය සහ කවුරුත් වැඩියෙන්ම ආදරේ කරන්නේ මේ යුවළටයි. කලා ලෝකයේ ඉතාම කාර්යබහුල වෙලා ඉන්න සංගීත් සහ වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන දිනිති වල්ගමගේ ආදර සම්බන්ධය පටන් ගත්ත නිසා මේ යුවලට ගොඩක් ජනතා ආකර්ෂණය ලැබිලා තියෙනවා.

image 127

ඉතින් සංගීත් – දිනිති ආදර කතාව ගැන ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න පුලුවන් සංගීත් සතරසිංහගේ යූ ටියුබ් නාලිකාව හරහා. ඒ විදියට මේ දිනවල කවුරුත් ආදරේ කරන සංගීත්, දිනිති එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණා ඔවුන්ගේ විවාහය ගැන මේ විදියට.

image 130

”අපි දෙන්නා ජනප්‍රියම කපල් එක කියනවට වඩා ආදරණීයම කපල් එක කියනවට කැමති. අපි දෙන්නගෙ එෆෙයාර් එක පටන් ගත්තම කරපු මුල්ම ෆොටො ශූට් එක තමයි රැෆෙල්ලා කලේ. මම ෆැෂන් කරන්නෙ නෑ….. මම කරන දේවල් මිනිස්සු ෆැෂන් එකක් කරගන්නවා. අපි දෙන්නා මේ අවුරුද්දේ විවාහ වෙනවා.”

image 128

ඉතින් බොහෝ දෙනෙක් දන්නවා සංගීත් කියන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ උදාරි කෞශල්‍යා උදයකුමාර් සමඟ විවාහ වී ඒ විවාහයට සමුදුන් කෙනෙක් බව. ඔවුන් දෙදෙනාත් කාලයක් ජප්රියම තලයේ රැඳී සිටියා. කොහොම වෙතත් මේ වෙනකොට උදාරිත් පෙම්වතියක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

image 129