අර්බුදය විසඳීමේ මුවාවෙන් සිදුවීමට නියමිත රාජ්‍ය ව්‍යවසාය දේපළ විකිණීම් හා අත්තනෝමතික, අවිද්‍යාත්මක ප්‍රතිව්‍යුහගතකිරීම් හේතුවෙන් අගතියට පත්වන පාර්ශ්ව සමගින් පුළුල් ජනතාවාදී බලවේගයක්, පෙරමුණක් ගොඩනැඟීමට ශ්‍රීලනිපය කටයුතු කරන බව ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරයි.
ශ්‍රීලනිප 71 වැනි සංවත්සරයට ශ්‍රීලනිප ඉදිරිපත් කළ යෝජනා මාලාවට එම යෝජනාව ද ඇතුළත් කර තිබේ.
එමෙන්ම යහපත් හෙටක් උදෙසා අරගලයන්හි නිරතවීම නිසා අනීතික හා අයෝග්‍ය ලෙස අත්අඩංගුවට පත්ව ඇති සමාජ ක්‍රියාකාරීන් නිදහස් කිරීම, වහාම සර්වපාක්‍ෂික රජය ස්ථාපිත කිරීම කළ යුතු බව එම යෝජනා මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කර සිටී.
ශ්‍රීලනිපය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ප්‍රකාරව සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ස්ථාපිත නොවන්නේ නම් එවැනි රජයක කිසිදු තනතුරක් තම පක්‍ෂය භාර නොගන්නා බව ද රටේ සුබසෙත උදෙසා රජය ගන්නා තීන්දු වලදී ඊට සහාය දෙන බව ද එමගින් ප්‍රකාශ කර තිබේ.
අරුණ බෝගහවත්ත