උණුසුම් පුවත්
Search
yureni

”අපි සෙක්ස් ගැනත් ඕපන් කතා කරනවා… පෙම්වතුන් තුන් දෙනාම මාව මිස්‍ යූස් කරා” – තවමත් තනිකඩ යුරේනි කියන කතාව

1989

කාගේත් ආදරය දිනාගන්නා, කාලයෙන් කාලයට විවිධ මාතෘකා නිසා කතාබහට ලක්වෙන චරිතයක් තමයි නිවේදිකාවක හා නිලියක වන යුරේනි නෝෂිකා කියන්නේ. ඇය සතිඅන්ත පුවත්පතකට දක්වා තිබෙන අදහස් උපුටා ගැනීමක් තමයි මේ.

මේ දවස්වල වැඩිපුර ඩබල් මීනින් කතා කියනවා. ඉරිදා උදේ විකාශය වෙන Happy hour වැඩසටහනේ යන්නේ. මට නම් ඒක තුන් තේරවිලි වගේ. ලෝකේ නම් ඕන තරම් ඕපන් කතා කරන වැඩසටහන් තියෙනවා. නමුත් ලංකාවේ ඒ වගේ වැඩසටහන් කරන එක අභියෝගයක්. ඒත් හිරු නාළිකාවෙන් ඒ අභියෝගය මට භාර දුන්නා. කොහොම නමුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද එන තරුත් ඕපන් කතා කරනවා. සමහර කලාකරුවන් ගොඩක් දේ හංගලා චරිත මේන්ටේන් කරන්න තමයි වැඩසටහන්වලට එන්නේ. නමුත් මේ වැඩසටහනේදි එහෙම නැතුව හැමෝම ඕපන් කතා කරනවා. අපි සෙක්ස් ගැනත් ඕපන් කතා කරනවා. සෙක්ස් ගැන ඕපන් කතා කරා කියලා මොකුත් වෙන්නේ නැහැ. මිනිස්සු නම් බැණ බැණ බලනවා කියලා ලැබෙන ප්‍රතිචාර වලින් තේරෙනවා. හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ පිටරට ඉන්න ලාංකිකයින්ගෙන්.

May be an image of 1 person and smiling

වැඩසටහන නිසා ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් වෙලා නැහැ. නිෂ්පාදක මට කියලා තියෙන්නේ අකමැති හෝ අපහසුතාවට පත් වෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවා අයින් කරලා වැඩසටහන කරන්න කියලා. නමුත් මට කෝකත් එකයි. මම කැමතියි වෙනස් දේ කරන්න. ඒ නිසා මම එන කලාකරුවන් අපහසුතාවට පත් නොකර ඔවුන් අකමැතිද අහලා කතා කරනවා. එන හැමෝමත් හරිම කැමැත්තෙන් ඕපන් කතා කරනවා..

May be an image of 1 person and jewelry

මට අයුතු යෝජනා කරන්න මිනිස්සු බයයි වගේ. මම කිදුරංගනා නාට්‍යයේ කොටට ඇඳලා ෆැෂනබල් විදිහට චරිතය කරපු කාලේ නම් පැයකට ගාන කීයද වගේ අහලා කෝල්ස් ආවා. දැන් ඉන්ස්ටර්ග්‍රෑම් ෆේස්බුක් මැසෙජ් එන අවස්ථා තියෙනවා… රැයක් මගෙත් එක්ක ගත කරන්න එන්න පුළුවන්ද? ඩිනර් අවුට් එන්න කැමතිද වගේ මැසෙජ්. ඕවා ඉතිං ගණන් ගන්න ඕන දේවල් නෙමෙයි. වචන විතරයි.

May be an image of 1 person and standing

පිරිමි පාර්ශ්වය මට කෙලින් අයුතු යෝජනා කරන අවස්ථා තියෙනවා.කෙළින් අහලා නැහැ. මම කලින් කිව්වා වගේ මට බයයි පිරිමි එහෙම අහන්න. ඒක මගේ වාසනාවක්….. මම කොහොමත් හයියෙන් හිනා වෙලා විහිළු කරලා ප්‍රතිචාර දක්වනවා එහෙම යෝජනා ආවොත්.

May be an image of 1 person, standing and ocean

මට ආදරේයි කියලා මුලින් හිටපු පෙම්වතුන් තුන් දෙනාම මාව මිස්‍ යූස් කරා. මගේ ජනප්‍රියත්වයට ඒ අය ආදරේ කරන්න ඇති. මනුස්සයෙක් එක්ක යහන්ගත වෙන්නත් විස්වාසයක් ඉමෝෂනල් ෆීලිං එකක් තියෙන්න ඕනනේ. එහෙම විශ්වාස කරලා ආදරේ කරපු තුන් දෙනාම මාව පාවිච්චි කළා… තනිකඩව ඉන්නේ ඒ නිසයි. අවංකව ආදරේ කළේ යුරේනි නොශිකා කියන රංගන ශිල්පිණිය අදාළ කරගත්තේ නැතිව එක්කෙනයි. ඒ තමයි අවුරුදු 15 කලින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ෆිට්නස් කෝච්. ආදරේ ආරක්ෂාව ගෞරවය ඔක්කොම තිබ්බේ එයා ළඟ. එතකොට මම පොඩි වයසක හිටියේ. ඒ ආදරේ හරි ආදරණීයයි. 2009 ඉඳලා මේ වෙනකල් අවංක ආදරයක් ලැබිලත් නැහැ. මම අවංකව ආදරේ කළෙත් නැහැ.

May be an image of 1 person and indoor

(සාකච්ඡාව – හර්ෂණී වීරරත්න)