උණුසුම් පුවත්
Search
sheril

”අපිත් ප්‍රශ්න බාධක මැද උස් පහත්වීම් එක්ක තමයි ජීවත් වෙන්නේ” – ෂෙරිල් ඩෙකර්

267

එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු අදටත් කාගෙත් මතකයේ තියෙන ඒ ‘අමා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනය කල ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් රොමෙන් ඩෙකර් කියන්නේ. මේ වන විට නම් වැඩිපුර පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයා හමුවට ආවේ නැතත් ඇය සමාජ මාධ්‍ය හරහා බෙහෙවින් සක්‍රීය කෙනෙක්.

image 127

ඉතින් ශෙරිල්ව අපිට දැක ගන්න පුලුවන් වුණේ වැඩිපුරම මියුසික් වීඩියෝ හරහායි. ඇගේ ඇති සුන්දරත්වය නිසාම ශෙරිල්ට ආදරය කරන බොහෝ පිරිස් සිටිනවා. එන්න එන්නම ලස්සන වෙන ශෙරිල් විවාහ වෙලා ඉන්නේ රටම දන්නා ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චි සමඟයි. ඇය තම පවුලට ආදරණීය බිරිදක්. මේ වන විට අවුරුදු ගණනාවක් විවාහ වෙලා වුණත් ඉතාම ආදරයෙන් ජීවත් වෙන ශෙරිල් සහ රුවන් ගෙවන ජීවිතය ගැන මේ විදියටයි ඔවුන් එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ.

image 125

”අපි දෙන්නා සතුටින් ජීවත් වෙනවා. මෙහෙමයි සතුටින් කිව්වට උපරිම සතුටෙන් නෙමෙයි….. අපිත් ප්‍රශ්න බාධක මැද උස් පහත් වීම් එක්ක ජීවත් වෙනවා…..’’

ඒ වගේම රුවන් හෙට්ටිආරච්චි ශෙරිල් ගැන කිව්වේ මේ වගේ අදහසක්.

”මම හිතුවෙ නෑ අද මේ වගේ තැනකට මට එන්න ලැබෙයි කියලා. අනික ශෙරිල් වගේ බිරිදක් මට හම්බවෙයි කියලත් හිතුවෙ නෑ. අපි ප්‍රශ්න මැද මෙහෙම ජීවත් වෙන්නෙ…. අපිට ගොඩක් ගොසිප් වදිනවා. මට ඕන ජීවිතේ අවසාන වනතුරු ශෙරිල් එක්ක ජීවත් වෙන්න…”

image 126