උණුසුම් පුවත්
Search
sangeeth

වායෝ නායක සංගීත් විජේසූරිය රෝහල්ගත කරයි

409

අපේ රටේ ප්‍රමුඛ සංගීත කණ්ඩායමක් වන ”වායෝ” සංගීත කණ්ඩායමේ ප්‍රධානී ප්‍රකට ගායක සංගීත් විජේසූරිය මහතා අසනීප තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වනවා.

ඔහු ඇසක් අසළ රිදුමක් පවතින බව පවසමින් මීට දින කීපයකට පෙර රෝහල් ගත වූ බවත් පසුව පරීක්ෂා කිරීමේදී ඔහුගේ මොළයේ රුධිර කැටියක් සිරවීමේ තත්වයක් හඳුනාගෙන ඇති බවත් වාර්තා විය. රෝහල සඳහන් කර ඇත්තේ ඔහුට සැත්කමක් කළ යුතු බවයි. මෙම සැත්කම සිදුකිරීමෙන් පසු ඔහු මාස ගණනාවක් යනතුරු යථා තත්වයට පත්වීමට විවේකය අවශ්‍ය බව ද වෛද්‍යවරුන් දන්වා ඇත.

May be an image of 1 person, playing a musical instrument and guitar

වායෝ සංගීත කණ්ඩායම පසුගිය සතියේ සිට සිය ප්‍රසංග අවලංගු කර තිබෙන අතර එළැඹෙන මාස කිහිපය තුළ රටවල් 04කට වැඩි ගණනක සංගීත ප්‍රසංග බාරගෙන ඇති ඔවුන් ඒවා පැවැත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක පසුවන බව ද වාර්තා වේ.

සංගීත් විජේසූරිය බ්ලූ ෂැඩොස්, සනිධප වැනි සංගීත කණ්ඩායම් වල මින් ඉහත නිත්‍ය ගායකයෙකු ලෙස කටයුතු කළ අතර මෑත කාලීනව වායෝ නිසා ජනප්‍රිය විය.

May be an image of 1 person, standing, footwear, sunglasses, outdoors and tree

ප්‍රකට ගීත රැසකම හිමිකරුවෙකු වන සංගීත් පසුගිය ජනවාරි මස අග මාලිමාව දේශපාලන වේදිකාවටද නැංගේය.

අපි ද ඔහුට ඉක්මන් සුවය පතමු!

No photo description available.