උණුසුම් පුවත්
Search
Untitled design 52

” අවුරුදු 16 ඉඳලා බබෙක් හදන්න ඕන වුණා, දැන් එයා හොස්ටිං වල නැහැ ” – උදාරි පෙරේරා

186

උදාරි පෙරේරා කියන්නේ කාලෙන් කාලෙට අපේ රටේ පුවත් මවපු චරිතයක්. රූපයෙන් වගේම ඇගේ දක්ෂ රඟපෑමෙන්.. ඇය රසිකයන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගත්තු චරිතයක්.. ප්‍රවේගය සිනමාපටය හරහා කාගේත් ආදරය දිනාගත් උදාරී කාගෙත් හිතේ ඉන්න කුමාරිය උනා.. ඇය අපට දකින්නට ලැබුණේ සිනමාව තුළින්. වර්තමානයේ ඇය රඟපෑම් කටයුතු වල මෙරට වෙන් නැද්ද කියලා අහපු ප්‍රශ්නයකට ඇය දීලා තිබුණෙ මෙන්න මේ වගේ උත්තරයක්. නිර්මාණ කිහිපයකටම මට ආරාධනා ලැබුණා.ඒත් පවතින තත්ත්වයත් එක්ක ඒවායේ නිෂ්පාදන කටයුතු වුණේ නැහැ. තවත් නිර්මාණ කිහිපයක් මට ගැලපෙන් නැහැ කියලා හිතුනා. ඒ නිසා ඒව මම භාරගත්තේ නෑ.

302139647 631345881683225 4898597944173852895 n

ඇය තමයි ලංකාවේ වැඩිම මුදලක් අය කරන නිළියන්ගෙන් එක්කෙනෙක් ඇයගෙන් එහෙම ඇහුවාම ඇය කිව්වේ ඉස්සර ගෙව්ව තරම් මුදලක් දැන් මට ලැබෙන්නේ නැහැ. ඒත් ලාබෙට මම වැඩ කරන්න කැමති නැහැ. මගේ වටිනාකම මම දන්නවා. රංගනයට එන්න ඕන නිසා සමහර අලුත් අය අඩු කරනවා. මම නං ඒත් ඒ තත්වෙට වැටෙන්නේ නැහැ. එහෙම වැටිලා වැඩ කරන්න ඕනෙ නැහැ . මට අවශ්‍ය ගාන මට දෙන්නේ නැත්නම් මම ඒ නිර්මාණ භාරගන්නේ නැහැ.

කාලයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස වැඩ කළ උදාරි. තමන්ගෙ වෘත්තිය ජීවිතය ගැන ප්‍රකාශ කළේ මෙහෙම අදහසක්.

294554562 600998781384602 956030156136035825 n

මම ගුවන් සේවිකාවක් විදියට කාලයක් වැඩ කරා. මට රංගනයට වරම් ලැබුණේත් ගුවන් සේවිකාවක් වෙලා ඉන්න කාලය තුල.. ඒත් මම විවාහ වුණාට පස්සේ ඒ වෘත්තියෙන් ඉවත් උනා. මොකද මට තේරෙන කාලේ ඉඳලා ඕනෙ වුනේ දරුවෙක් හදන්න.ඒ කියන්නේ වයස අවුරුදු 15 – 16 ඉඳලා එ උවමනාව මට තිබුණා. මගේ සැමියා මට රංගනයට ගොඩක් උදව් කරනවා රංගනයෙන් සාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් තමයි එයා. අපි බොහොම ප්‍රීතිමත් සුන්දර පවුල් ජීවිතයක් ගත කරනවා.

314896039 676961803788299 3919628378375739104 n