ලඹ සවන් රන් පටින්, මුහුද හඬන වෙලාවේ ආදී අතිශයින්ම ජනප්‍රිය ගීත සමුදායක් ගායනා කරපු දක්ෂ ගායකයෙක් විදිහට මධුමාධව අරවින්ද කියන චරිතය හඳුන්වන්න පුළුවන්.
මේ කලාකරුවා ගැන කතා කරද්දී ගායකයෙක් විදියටත් පසුකාලීනව දේශපාලන වේදිකාව තුළත් ප්‍රසිද්ධ චරිතයක් විදියට ගොඩක් දෙනෙක් ඔහු සම්බන්ධයෙන් කතාබහ කළා.
දේශපාලන වේදිකාව තුළ ගොඩක් දෙනෙක්ගේ ආන්දෝලාත්මක කතා බහට ලක්වූ මධුමාධව ඔහුගේම දේශපාලන ප්රතිපත්තියක ඉඳගෙන තමයි වැඩ කටයුතු කළේ.
නමුත් ඇතිවූ විවිධ කලකිරීම් සහ දේශපාලනය අකාර්යක්ෂමතා නිසා ඔහු මේ වනවිට දේශපාලනයෙන් ඈත්ව කටයුතු කරනවා කියලත් සඳහන් වෙනවා.
ඒ වගේම තමයි තෙවැනි වර විවාහ වෙන ආදරණීය බිරිඳ සමග මධුමාධව ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා.
දේශපාලන කටයුතුත් නැති නිසා මේ දිනවල ඇයත් එක්ක එකතු වෙලා මධුමාධව සමාජ සේවා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.
ඒ වගේම තමයි ඔහු මුහුණ පොත හරහා අතිශයින් ප්‍රසිද්ධ චරිතයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.
නිතරම කාලීන මාතෘකා තෝරගෙන ඒ වෙනුවෙන් කාව්‍ය සංකල්පනා ගොඩනගන මේ සුන්දර කලාකරුවා අන්න ඒ නිසයි මුහුණු පොත හරහා කොයිකාගෙත් හදවත දිනා ගෙන ඉන්නේ.
ඒ වගේම තමයි පසුගිය දවසක ඔහු පිළිබඳව ඉතාමත් අවාසනාවන්ත කණගාටු දායක ආරංචියක් අහන්න ලැබුණා.
ඒ තමයි ඔහුට හදිසියේම හැටි ඇති වූ හෘදයාබාධයක් නිසා රෝහල් ගත වීමට සිදුවීමයි.
මේ පිළිබඳව මුහුණු පොතේ සටහනක් එක් කොට තිබුණු නිසයි බොහෝ දෙනෙක් මධුමාධව අසනීප තත්ත්වයෙන් ඉන්නවා කියලා දැනගත්තේ.
ටිකක් අමාරු තත්ත්වයේ පසුවුණු නිසා ගිලන් රථයක ආධාරයෙන් තමයි ඔහු රෝහලට අරගෙන යන්නේ.
ඒ වගේම තමයි මේ ශෝචනීය අවස්ථාවේ දී ඔහුගේ ආදරණීය බිරිඳ හොඳටම බය වෙලා සිටි බවත් ඒ නිසා මධුමාධව මාත් එක්කම හුස්ම ගත්තු ආදරණීය බිරිඳටත් හදවතින්ම ස්තුතියි කියලත් මුහුණු පොතේ සටහනක් හරහා සඳහන් කරලා තිබුනා.
මේ අවස්ථාවේදී ප්‍රතිකාර කරන්න උදව් වුණු ලීසන්ස් රෝහල ආදරණීය කාර්ය කාර්යමණ්ඩලයටත් නවලෝක රෝහලේ සියලුම දෙනාටත් සුව දුක් සොයා බැලූ නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම රසික රසිකාවියන්ටත් හදවතින්ම ස්තූතිවන්ත වෙලා තිබුණා.
- ”මට ලැබුණු ලොකුම සපෝටර් තමයි හස්බන්ඩ්” – ලෝකේ වටේ ඇවිදින හේෂානි ලියඳිපිට
- පිට යන සැමියාව ”ත්‍රිත්ව තලාක්” ක්‍රමයට දික්කසාද කළ ඩුබායි කුමරියගෙන් “Divorce” නම් සුවඳ විලවුන් පෙළක්
- ”රඟපාන්න ආවේ නැත්නම් මම ගුරුවරියක් හෝ ගිණුම්කරණ නිලධාරිනියක් වේවි” – දුෂේනි මියුරංගි
- ”පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ ප්‍රසිද්ධ කරන්න වුවමනාවක් නෑ” – වොල්ගා කල්පනී
- දීපිකා සහ රන්වීර් දියණියකට දාව මව් පිය පදවි ලබයි (ඡායාරූප සහිතයි)