උණුසුම් පුවත්
Search
putin

පුටින්ට පිළිකාවක් – රහස් ඊ මේලයක් හෙළිදරව් කරයි

62

රුසියානු අගමැති ව්ලැඩිමීර් පුටින්ට පාකින්සන් සහ අග්න්‍යාශ පිළිකාවක් ඇති බව පිටතට කාන්දු වූ ක්‍රෙම්ලිනයේ රහස් ඔත්තු සේවා ලේඛන මගින් හෙළිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියානු නායකයා මාස ගණනාවක් තිස්සේ ඔහුගේ අයහපත් සෞඛ්‍යය පිළිබඳ කටකතා වලින් පීඩා විඳිමින් සිටියි.

ඔහු ප්‍රසිද්ධියේ සිටිය දී නිතරම ඇඹරෙන සහ අස්ථිර ලෙස අපහසුවෙන් සිටින බවක් නිරීක්ෂණය කර තිබුණි.

ඔහු පෙළෙනවා යැයි කියනු ලබන රෝගාබාධ පිළිබඳ විවිධ ප්‍රකාශ විපක්ෂයේ පුද්ගලයන් අතරින් මාධ්‍ය වෙත ද සංසරණය වී තිබූ නමුත් ක්‍රෙම්ලිනය විසින් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන්නට යෙදුණි.

නමුත් දැන්, රුසියානු බුද්ධි මූලාශ්‍රයකින් කාන්දු වූ විද්‍යුත් තැපෑලකින් පෙනී ගොස් ඇත්තේ 70 හැවිරිදි පුටින්ට පිළිකාවක් සහ පාකින්සන් රෝගය වැළඳී ඇති බව එයින් තහවුරු කර ඇති බවයි.

මෙම පුවතට තව තවත් පිදුරැ එක් කළේ රුසියානු නායකයාගේ වම් අතේ පිටුපස IV ප්‍රතිකාරයේ පැහැදිලි සලකුණු දක්නට ලැබෙන බවට පළ වූ වාර්තාවත් සමගිනි.

Source – Deshaya