උණුසුම් පුවත්
Search

ශවේන්ද්‍ර යද්දී විකුම් එයි – හමුදාපති ධුරයේත් වෙනසක්

107

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින යුද්ධ හමුදාධිපති ධුරයෙන් නික්මයාමට නියමිත බව යුද හමුදාව නිවේදනය කරයි.

අනතුරුව ඔහු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 01 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධුරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය.

මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධුරයේ රාජකාරි භාරගැනීමට නියමිත බව ද යුද හමුදාව නිවේදනය කරයි.

Major General Vikum Liyanage appointed new Army Chief of Staff - UTV News  English



Leave a Reply

Your email address will not be published.