අභාවප්‍රාප්ත වුණු ප්‍රවීන රංගවේදී විජය නන්දසිරිගේ පුතනුවන් රසාංජන නන්දසිරි ඊයේ ගුවන් නියමුවරයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවයේ වැඩ භාරගෙන තියෙනවා.
රසාංජන නන්දසිරි පියාගේ අභාවයෙන් පසුව වෙළඳ දැන්වීම් කීපයක සහ සිනමාපටයක රංගන ශිල්පියෙකු ලෙස ද තම රංගන දක්ෂතා පෙන්වා තිබෙනවා.

ඔහු රංගනයෙන් දායක වුණු ගිරිරාජ් කෞෂල්‍ය අධ්‍යක්ෂණය කළ කතුරු මිතුරු සිනමා පටය ෛදිරියේදී තිරගත වීමට නියමිතයි.
රසාංජන ගුවන් නියමුවරයෙක් ලෙස රැකියාවට ගිය පළමු දිනයේ එනම් ඊයේ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූප කීපයක් පළ කරමින් මෙසේ සඳහන් කර තිබුණා.

“මට මේ හැම දෙයක්ම මගේ ආදරණීය අම්මා සහ මගේ ආදරණීය තාත්තා නිසා. ඔබගේ ආදරය සහ සහයෝගය නොමැතිව, ගුවන් නියමුවෙකු වීමේ සහ ජාතික ගුවන් සේවයට පියාසර කිරීම ජීවිත කාලය පුරාම මට හීනයක්. ඒ හැමදේටම මම ඔබ දෙපලට සදා ණය ගැතියි. මම ඔයාට ආදරෙයි අම්මියි තාත්තියි. ඒ වගේම මට මුළු කාලය පුරාම සහයෝගය දුන් මගේ සහෝදරියට ස්තූතියි. මගේ සාර්ථකත්වයේදී වගේම මගේ හොඳ සහ නරක කාලයන්හී මා සමඟ සිටි මගේ මිතුරන් සිහිපත් කරන්න ඕනේ. මෙම සාර්ථකත්වය කරා යන ගමනට මට උපකාර කළ මගේ සියලුම උපදේශකයින්ට ස්තූතියි. අවුරුදු 8ක මහන්සිය, ප්‍රතිඵලය”
