උණුසුම් පුවත්
Search
volga

”වස්ති ප්‍රඩක්ෂන් කියන්නෙ කරන දේ හරි පිළිවෙළට කරන කණ්ඩායමක්” – වොල්ගා කල්පනී

89

පුංචි තිරයේ සහ රිදී තිරයේ විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන වොල්ගා කල්පනී කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්. මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණ කිහිපයකම ඇය දකින්නට ලැබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ ඇය සම්බන්ධ වූ ටෙලි නිර්මාණ නිසා නිරන්තරයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබපු සහ ලබන කෙනෙක් තමයි වොල්ගා කියන්නේ.

No photo description available.

ඊටත් වඩා පසුගිය දවසක ඇය පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ ඇය වස්ති කණ්ඩායමත් එක්ක එකතු වෙලා කරපු නිර්මාණයක් නිසයි…. මේ නිර්මාණය ඇය වස්ති නිර්මාතෘ අනුෂ්ක උදාන සමඟ විවාහ වෙන දර්ශනයක් තමයි තිරගත වුණේ.

May be an image of 2 people, flower, wedding and text

පසුගිය කාලයේම වොල්ගාගේ පෙම්වතා ප්‍රකට ගායකයෙක් කියලත් ප්‍රසිද්ධ වුණ නිසා හැමෝම හිතුවා ඇය ඔහුත් එක්ක විවාහ වුණා කියලා….. කොහොම නමුත් එය වෙළඳ දැන්වීමක ප්‍රචාරණ කටයුත්තකට සිදු කළ එකක් බවයි පසුව තහවුරු වුණේ.

May be an image of 1 person

ඒ සම්බන්ධයෙන් අහපුවාම වොල්ගා කියල තිබ්බේ මේ වගේ කතාවක්…..

“ඒක වස්ති ප්‍රඩක්ෂන් එකක්. වස්ති ප්‍රඩක්ෂන් කියන්නෙ කරන දේ හරියටම කරන පිරිසක්. ගොඩක් මුදල් වියදම් කරලා හරිම පිළිවෙළට වැඩ කරන කණ්ඩායමක්…. ඉතින් මං එයාලා එක්ක වැඩක් කළා. ඒක හරි කොලිටි වැඩක්. ඒක නිර්මාණයක්. එච්චරයි…..”

No photo description available.

No photo description available.