උණුසුම් පුවත්
Search

”මට ඩීල්කාරයා කිව්වට, ඩීල් නැත්නම් දේශපාලන ස්ථාවරත්වයක් නෑ” – වජිර අබේවර්ධන

113

”ඩීල් බැරි නම් එයාට දේශපාලනය බැරි බවත් ඩීල් නැත්නම් දේශපාලන ස්ථාවරත්වයක් නොමැති බවත්” එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (21) ගාල්ල හසාරා හෝටලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරී හමුවකට සහභාගී වෙමිනුයි.

“මං හිතන්නේ ජාතික ප්‍රතිපත්ති රාමුවක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉස්සරවෙලාම සම්මත කරන්න ඕන. 19 සම්මත කලත්, 20, 21 සම්මත කලත් ඒකෙන් ගෑස්, පෙට්‍රල් බෙදන්න බෑ…. ඒකෙන් අත්‍යවශ්‍ය ආහාර ඖෂධ දෙන්නත් බැ….. ඒක දේශපාලඥයන්ගේ උවමනාවක් පමණයි. එක එක දේශපාලන නායකයින්ගේ ඉලක්ක සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරන ලියවිල්ලක් විතරයි.

මං දැක්කා 21 ගේන්න ඕන කියනවා. ගෙනාවට කමක් නෑ. ඒකෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන. අවුරුදු 20කට වෙනස් කරන්න බැරි ජාතික ප්‍රතිපත්ති රාමුවක් තමයි දැන් අවශ්‍ය කරන්නේ….

දැන් සමහර අය මටත් කියනවනේ වජිර ඩීල්කාරයා කියලා. ඩීල් බැරි නම් එයාට දේශපාලනය බෑ. නායකතුමා ඩීල්කාරයා, වජිර ඩීල්කාරයා කියනවා. දේශපාලන ස්ථාවරත්වයක් නැහැ ඩීල් එකක් නැති නම්. ආර්ථිකයට ඩීල් එකක් ගහන්න බැරි නම් ආර්ථිකය ගොඩගන්නත් බැහැ.

දැන් මේ ඩීල් කියන වචනය කියද්දි මට මතක් වෙනවා කතාවක්, ඇමරිකාවේ හිටපු 32 වන ජනාධිපතිවරයා 1929 ඉඳලා 1933 වෙනකල් දැම්මා ඓතිහාසික ඩීල් එකක්. එකක් දේශපාලන ඩීල් එකක්, අනික ආර්ථික ඩීල් එකක්. ඒ නිසා තමයි රොස්වෙල් ජනාධිපති ඒක කළාම ඒ කාලේ ලෝකයේ බලසම්පන්නම රාජ්‍යයක් බවට ඇමරිකාව පත්වුණේ.

එවෙලාවේ ඇති වුණු ප්‍රශ්න විසඳන්න ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයෝ 50 ක් ගෙනල්ලා සාකච්ඡා කරලා තිබුණා කාමරයක. සාකච්ඡාව ඉවර කරන්න කිව්වේ රට ගොඩගන්න තීන්දු ටික ගත්තට පස්සෙ. ලංකාවෙත් ඉහළ පෙළේ ව්‍යාපාරිකයෝ ඉන්නවා. එයාලා වාඩි වෙලා නොනවත්වාම කතා කරන්න ඕන කොහොමද ඔබේ දායකත්වයෙන් රට ගොඩගන්නෙ කියලා. දැන් බලන්න එහෙම එකතු වෙලා වැඩ කළාම ඇමරිකාව දියුණු වුනා.”




Leave a Reply

Your email address will not be published.