අපේ රටේ පසුගිය කාලයේ ලෝකයේම අවදානය දිනාගත් පුවත් මවපු සිද්ධියක් තමයි රූ රැජින කිරුල කියන්නේ.
මෙවරත් ”මිසිස් ශ්‍රී ලංකා 2022” තරගාවලිය පසුගිය දා උත්සවාකාරයෙන් පැවැත්වුණා.
ඒ අනුව මෙවර කිරුළු පළඳිනු ලැබුවේ ඉතාමත් සුන්දර ඌෂි පෙරේරායි.

ආදරණීය සැමියෙකු වගේම පුතුන් දෙදෙනෙකු සිටින ඌෂි වසර 17ක් පුරාවට සාර්ථක පවුල් ජීවිතයක් පවත්වාගෙන යන කාන්තාවක් බවයි සඳහන් වන්නේ.

කොහොම නමුත් චන්දිමාල් ජයසිංහ පවසන ආකාරයට ඇයට පැළදූ ඔටුන්නේ වටිනාකම කෝටි හය හමාරක් බව සඳහන්.
මෙවර මිසිස් ශ්‍රී ලංකා තරගාවලිය සඳහා තරගයක් නොපැවැත්වූ අතර, සංවිධායක මණ්ඩලය විසින් යෝජනා කරන ලද තරගකාරිය වූ ඌෂි පෙරේරා පැවති උත්සවයේ දී කිරුළු පැලඳුවා ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්තයේ රූපලාවණ්‍ය ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන ඇය තරගයක් නොමැතිවම ලබාගත් ජයග්‍රහණය ගැන පැවසුවේ මෙවන් කතාවක්…
‘‘මීට අවුරුදු 02කට කලින් මිසිස් කැරොලයින් ජූරි දිනපු වෙලාවේ මට චන්දිමාල් කතා කළා…. ඒ වෙලාවේ මට හිතුණේ නැහැ ඉදිරිපත් වෙන්න. ඊට පස්සේ ආයේ චන්දිමාල් මිසිස් පුෂ්පිකා ද සිල්වා එක්ක ඇමරිකාවේ වේගාස් වල ඉන්නකොට ”ඊළඟ එකට ඔයා එන්න” කියලා මට කතා කළා… ඊට පස්සේ මම ඒ ගැන හිතුවා…. හස්බන්ගෙන් ඇහුවා. මගේ යාළුවන්ගෙන් කතා කරලා ඇහුවා. ඔවුන් කැමති වුණා….

සංවිධායක මඩුල්ල මාව ගෙනැල්ලා 2022 මිසිස් ශ්‍රී ලංකා හැටියට නොමිනේට් කළා. ඒ නිසා මම දැනගෙන හිටියා මේ ක්‍රවුන් එක ලැබෙනවා කියලා. හැබැයි මට ලොකු වගකීමක් තියෙනවා….

මොකද මෙච්චර ලස්සන සුන්දර කාන්තාවන් ඉන්න රටක මාව පිටරටක ඉඳන් ගෙනැල්ලා මේ ක්‍රවුන් එක දුන්නා කියන්නේම තරගයක් තියලා දිනපු කෙනෙක්ට වඩා වගකීමක් තියෙනවා කියන එක…. මම මේ කිරුළ දකින්නේ ඒ විදියට….’’

කොහොම නමුත් මීට පෙර වසර වල මෙම කිරුල සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් පැන නැගුණා.

2021 වසරේ කැරොලයින් ජූරි ”ලෝක විවාහක රූ රැජින” ලෙස ජයග්‍රහණය ලබමින් ලෝකයම අපේ රට ගැන කතා කරන්නට කාලයකට පසු මුල් වුණේ මෙම කිරුළයි.
