වෙළෙඳපොළේ මේ වන විට එනසාල් කිලෝවක මිල රුපියල් දොළොස් දහසත් – දාහතර දහසත් අතර දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට තුළ වගා කරනු ලබන එනසාල් ප්‍රමාණය අඩු වීම මෙයට හේතු වී ඇති බව ජාතික කුළුබඩු අලෙවි මණ්ඩලය සඳහන් කරයි.
වියළි එනසාල් කිලෝවක් සැකසීම සඳහා අමු එනසාල් කිලෝ හයක් පමණ අවශ්‍ය වන අතර වෙළෙඳපොළේ අමු එනසාල් කිලෝවක මිල මේ වන විට රුපියල් හත්දහසත් අටදහසත් අතර පවතී.
එමෙන්ම මෙරට තුළ වාර්ෂිකව එනසාල් මෙට්‍රික්ටොන් තිස්තුනක් පමණ පාරිභෝජනය කෙරෙයි.
එබැවින් නිෂ්පාදනය අඩුවීමත් සමග තම ඵලදාව වෙත ඉහළ වටිනාකමක් සහ ඉල්ලුමක් පවතින බව එනසාල් වගාකරුවෝ පවසති.