ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70ක පමණ විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබා දී තිබූ විදුලි සැපයුම ඊයේ (17) දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
ජාතික රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධිවීමත් සමඟ ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මහත් ගැටලු සහගත තත්වයක් මතුව ඇති අතර විදුලි ජනක ආධාරයෙන් විකාශය කිරීමට එහි බලධාරීන් පියවර ගෙන තිබුණා.
ජාතික රූපවාහිනිය සංස්ථාව මාස ගණනාවක් තිස්සේ විදුලිය බිල්පත් ගෙවීම පැහැරහැර තිබූ අතර රුපියල් ලක්ෂ 90ක පමණ හිඟ බිල්පත් ගෙවීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.
පසුව රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් ගෙවා යලි විදුලිය ලබාගත් බව පැවසෙනවා.