මේ දින වල ගොඩක් තරුණයන්ගේ ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් වගේම වැඩසටහන් ඉදිරිපත්කරන්නියක් සහ නිරූපිකාවක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ. ඊටත් වඩා BMW කෙල්ල කියූ සැණින් ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. මේ දවස්වල වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කරණ නිසාමත් බොහෝ දෙනා අතර ඇය ප්‍රසිද්ධයි. පසුගිය දවසක කෝටිපති ව්‍යාපාරිකයෙක් සමඟ විවාහ ගිවිසගත්ත සංජානා මේ දවස් වල නම් සැමියා විදෙස්ගත නිසා තමන්ගේ කලා කටයුතු කරගෙන ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබුනේ.

කොහොම නමුත් ඇය විවාහ ගිවිසගන්න පෙර සිටම කියා සිටියේ, ක්ෂේත්‍රයේ කෙනෙකු සමඟ තමන් විවාහ නොවන බවයි. දියුණු වෙන්න උනන්දුවක් තියෙන කෙනෙක් සමඟ විවාහ වන බවත් ඇය පැවසුවා.

කාලයක් ඇයගේ ලඟින්ම හිටිය සංගීත් – දිනිති ආදර කතාව ගැන බොහෝ දෙනා අතර ප්‍රසිද්ධයි. ඉතින් ඒ නිසාම දිනිති පසුගිය දිනෙක සංගීත් සමඟ සිටි කලා ශිල්පිනියකට චෝදනා කරලත් තිබුණා.

ඒ කතා කොහොම වුණත් සංගීත් – සංජානා හිතවත්කම ගැන පුවත්පත් සාකච්චාවක දී අදහස් දක්වමින් සංජානා කියලා තිබුණේ මෙහෙම කතාවක්…..

- පසුගිය කාලයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංග සංජානා ඔයා ගොඩක් ලඟින් ආශ්‍රය කළා නේද..? ඔයාලා දෙන්නා පෙම්වතුන් වෙලා ඉඳලා වෙන් වුනාද.?
”අපි අතරේ යාලුකමකට එහා ගියපු සම්බන්දයක් තිබ්බා… හැබැයි ඒක ආදරයක් නෙවෙයි, කොහොම වුනත් මම දැන් සංගීත් එක්ක ලොකු සම්බන්දයක් නෑ, අපි යාළුවො විතරයි…. එහෙම තමයි ඉතින්, කාලෙන් කාලෙට කට්ටිය ලංවෙනවා – ආයේ දුරස් වෙනවා…. ඉතින් ඒ වගේ අය මගේ ජීවිතෙන් දුරස්වුන එක මම දකින්නේ මගේ වාසනාව විදියට…..”

