උණුසුම් පුවත්
Search
sujani

“මව කියන හැඟීම එක්තරා තැනකදි අවාසනාවන්ත විදිහට මට අහිමි වෙනවා” – සුජානි මේනකා කියපු සංවේදී කතාව

25399

සුජානි මේනකා එහෙමත් නැත්නම් ”සතෙන් සතේ ඉතිරි කරපු පුංචි කෙල්ල” කිව්වහම නම් හැමෝම මෙයාව දන්නවා. දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රය තුළ නමක් දිනා සිටි සුජානී මේ වන විට නම් ටෙලි නිර්මාණත් එක්ක පේන්න ඉන්න කලාකාරිනියක් නෙවෙයි.

May be an image of 2 people

ඇය කැමති නෑ ඕනවටත් වඩා කාර්යබහුල වෙන්න. එනිසාම තෝරා බේරාගත් හරවත් නිර්මාණ එක්ක විතරයි සුජානි එකතු වෙන්නේ.

සුජානි මේනකා විවාහ වුණේ ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ රංගන ශිල්පියෙක් වූ බිමල් ජයකොඩි සමග කියන්නත් හැමෝම දන්නවා.

No photo description available.

මේ දෙන්නා මේ වෙද්දි අවුරුදු ගණනාවක් එකට ජීවත් වෙනවා…. ඒ බොහොම ආදරෙන්. ඒ වගේම දෙදෙනාම තේරුම් ගැනීමෙන්. මෙහෙම ජීවත් වෙද්දී සමාජයේ බොහෝ දෙනා අහන්න පටන් ගත්තා සුජානිට සහ බිමල්ට තාමත් ළමයි නැත්තේ ඇයි කියන දේ….. ඉතින් මේ දේවල්වලට ප්‍රසිද්ධියේ සුජානි කවදාවත් උත්තර දුන්නේ නෑ… බිමලුත් ඒ ගැන කතා කළේ නෑ. මොකද දෙන්නට දෙන්නා ආදරේ නිසා බොහොම සතුටින් ඒ දෙන්නා ජීවිතය ගත කරන නිසා. ඒත් එක්තරා අවස්ථාවකදී සුජානී ඒ පිළිබඳව වේදනාත්මකව ප්‍රකාශයක් කරලා තිබුණේ මේ විදිහටයි…..

May be an image of 2 people, beard and people smiling

“මගේ ජීවිතයේ මව කියන හැඟීම මම එක්තරා කාලයකදී වින්දා. හැබැයි එක්තරා තැනක දි අවාසනාවන්ත විදිහට මට ඒක නැති වෙනවා…. ඒ වගේ කාලෙකදි මගේ ස්වාමියා මට සලකන්නේ කොහොමද කියන පරිච්ඡේදයත් මම අත්විඳපු කෙනෙක්. ජීවිතයට හැමදේම ලැබුණේ නෑ කියලා අපි දුක් වෙන්න ඕනි නෑ. තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්නත් පුළුවන්….”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ ගැන සඳහන් කරලා තිබුණේ.

May be an image of 1 person, braids and smiling

No photo description available.

No photo description available.

No photo description available.