උණුසුම් පුවත්
Search

”මීටර් වල ගාස්තු වෙනස් කරන්න අසාධාරණ ලෙස මුදල් ගන්නවා” – ත්‍රිරෝද රථ සේවක සංගමය විරෝධතාවයක

253

ඉන්ධන මිල වැඩි වන සෑම අවස්ථාවකදීම ත්‍රිරෝද රථ මීටර් වල මිල ගණන් වෙනස් කරවා ගැනීම සඳහා අදාළ ආයතන වෙත රැගෙන ගිය පසු ඔවුන් ඒ සඳහා අසාධාරණ ලෙස මුදල් අයකර ගැනීමට එරෙහිව වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමය සංවිධානය කළ රථ පෙළපාලියක් හා උද්ඝෝෂණයක් කිරුළපන නගර මධ්‍යයේදී ඉකුත් 30 වනදා පැවැත්වුණා.

එහිදී වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමයේ සාමාජිකයින් කිරුළපන ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය අසල සිට ඇවනිවු පාරේ පිහිටි ත්‍රිරෝද රථ මීටර් අලෙවිකරණ පෞද්ගලික ආයතනයක් අසළට ත්‍රිරෝද රථ පෙළපාලියකින් පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැයකට අධික කාලයක් උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතාවයේ නියැලුණා.

මෙහිදී වෘත්තිය ත්‍රිරෝද රථ සේවක සංගමයේ සභාපති දේවානන්ද සුරවීර පැවසුවේ මෙවැන්නක්,

”රජය මගින් මේ වසර තුළ අවස්ථා 04කදී ඉන්ධන මිල වැඩි කළා. ඒ සෑම අවස්ථාවකදීම ත්‍රිරෝද රථ මීටර් වල මිල ගණන් වෙනස් කිරීම සඳහා රුපියල් 200 සහ 250 බැගින් අයකර ඇති බවත්, ඒ තුළින් දිවයින පුරා ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් කෝටි 24 අධික මුදලක් ත්‍රීරෝද රථ මීටර් අලෙවිකරණ පුද්ගලික ආයතන මගින් අය කිරීම අසාධාරණයි….”

එක් මීටරයක මිල ගණන් වෙනස් කිරීම සඳහා විනාඩි දෙකක කාලයක් හෝ වැය නොවන අතර ඒ සඳහා රුපියල් 250ක් අය කිරීම අසාධාරණ බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

රජය වහා මැදිහත් වී තම කර්මාන්තයට සහනයක් ලබාදෙන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

පින්සිරි ආරියරත්න – රත්මලාන




Leave a Reply

Your email address will not be published.