උණුසුම් පුවත්
Search
anura kumara

“අපේ රජයක් යටතේ ගුරු වෘත්තියට හරිම තැන දෙනවා” – අනුර කුමාර දිසානායක

50

තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය 10න් එකක් බවට පත් කරනවා යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මඩකලපුවේදී පැවසීය.

උතුරේත් දකුණේත් නැගෙනහිරත් සෑම සියලු දෙනාම වෙනසක් බලාපොරොත්තු වෙන බව පැවසූ ඔහු කියලා සිටියේ දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ගේ සහය ද ඒ සඳහා ඉල්ලා සිටින බවයි.

ජාතික ජන බලවේගය සමඟ හැප්පීමට තරම් දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක් දැනට නැති බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ට ඒ භාෂාවෙන්ම රජය සමඟ කටයුතු කිරීමට අවස්ථාව දෙන බවද ඔවුන්ගේ ආගම සංස්කෘතිය ආරක්ෂා කරමින් ඒවා ගොඩනැගීම සඳහා අවශ්‍යය සියලු දේවල් සම්පාදනය කර දෙන බවද හෙතෙම කීය.

දිසානායක මහතා මේ අදහස් පළ කළේ පැවති ගුරු සමුළුව අමතමිනි.