උණුසුම් පුවත්
Search
rude

ක්‍රිකට් ක්‍රීඩා විනිසුරු රූඩි කර්ස්ටන් සිය දිවි ඉනිම නිමා කරයි

176

ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩා විනිසුරුවරයෙකු වූ දකුණු අප්‍රිකාවේ රූඩි කර්ස්ටන් සිය දිවි ඉනිම නිමා කර තිබෙනවා.

මෝටර් රථ අනතුරකින් අගෝස්තු 09 දා මිය යනවිට ඔහු සිය දිවි ඉනිමේ 73 ලකුණ වාර්ථා කර අවසන්.

2010 ක්‍රිකට් විනිසුරු දිවියෙන් විශ්‍රාම ලබන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරග 331ක් විනිශ්චය කර තිබූ ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 100ක් විනිශ්චය කල විනිසුරුවරුන් තිදෙනාගෙන් එක් අයෙකු ලෙස ද ප්‍රකටය.

අනෙක් දෙදෙනා වන්නේ පකිස්තානයේ අලීම් ඩාර් සහ බටහිර ඉන්දීය කොදෙව් හි ස්ටීව් බක්නර් ය.

2010 සිය විනිසුරු දිවියෙන් සමුගත් පසු ඔහු Slow Death: Memoirs of a Cricket Umpire (with Chris Schoeman), යනුවෙන් කෘතියක් ලියා පළකලේ සිය අත්දැකීම් සමගිනි.

Slow Deth හෙවත් මන්දගාමී මරණයක් යනු කර්ස්ටන් හැඳින්වූ අන්වර්ථ නාමයයි.

එයට හේතුව ඔහු පිතිකරුවෙකුගේ දැවීයාමක් සළකුණු කලේ පිටුපසට කර අත්බැඳ සිටින ඔහුගේ වම් අත සහ දබරැඟිල්ල මන්දගාමි ලෙසින් ලතාවකට එසවීමෙන් නිසාය.

ක්‍රිකට් ක්‍රීඩා විනිසුරු දිවියේ ඔහුගේ අවසන් පෙනීසිටීම වුයේ 2011 වසරේ IPL තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් සහ චෙන්නායි සුපර් කිංග් තරගය බැන්ගලූර් හිදී විනිශ්චය කිරීමයි.




Leave a Reply

Your email address will not be published.