උණුසුම් පුවත්
Search
umara

”උමාරා ICCPR උල්ලංඝණය කරලා” – ගම්මන්පිළගෙන් චෝදනා

190

ජාතික ගීය විකෘති කර ගායනා කිරීමෙන් උමාරා සිංහවංශ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි.

May be an image of 5 people

”උමාරා සිංහවංශ කර ඇත්තේ බරපතල වරදක්… උමාරා මගේ ප්‍රියතම ගායිකාවන් තිදෙනාගෙන් එක් අයෙක්. නමුත් ජාතික ගීය අපේ ජාතික වස්තුවක්. දැන හෝ නොදැන උමාරා අතින් සිදුව ඇත්තේ බරපතල වරදක්. අපේ ව්‍යවස්ථාවේ හත්වන වගන්තිය අනුව ජාතික ගීයේ පද මාලාව පමණක් නොව සංගීතය ද තුන්වන උපලේඛනය අනුව විය යුතුයි. උමාරා පද මාලාව සහ සංගීතය යන දෙකම වෙනස් කිරීමෙන් අපේ ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙනවා.

ඒ විතරක් නොවේ මව්බිමට ආදරය කරන හැඟීම්බර ජනතාව කුපිත කිරීමක් ද කර ඇති බව සමාජ ජාලා වල පල වන දෑ තුලින් පැහැදිලියි. මේ විරෝධය උත්සන්න වුණොත්, ඇය කර ඇත්තේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත උල්ලංඝණය කිරීමක්.

ජාතික ගීය වාදනය කළ යුත්තේ දේශානුරාගය හදවත් තුල තැන්පත් වීමට මිස විනෝදය සඳහා නොවේ. උමාරා කළ වරදට සමාව අරගෙන මෙය නැවත නොකරන බවට ප්‍රකාශ කල යුතුයි.” යනුවෙනුයි ඔහු සඳහන් කරන්නේ.