උමාලි තිලකරත්න කියන්නෙ කාලයෙන් කාලයට කතාබහට ලක්වන කාගෙත් අවධානය දිනාගත්ත ආදරණීය චරිතයක්.
උමාලි – සාරංග යුවළ නිසා ඉස්සර බොහෝ දෙනෙක් ඇය ගැන කතා කළත් ඒ විවාහයට සමු දුන් පසුව නම් උමාලි හිටියේ නිහඬවයි.
බොහෝ කාලයක් සමාජ මාධ්‍යවත් භාවිත නොකර සිටි ඇය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. නමුත් සම්මාන රාත්‍රීන් වල වේදිකාවට නැග කියූ දේවල් නිසා නිතර නිතර ඇය හට අවධානය යොමු වුණා.
කොහොම හරි උමාලි මේ ළඟදි ඇගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කරගන්න ගිහින් තිබුනා. ඇය ගිය රූපලාවන්‍යාගාරයේ සමාජ ජාලවල ඇගේ කොණ්ඩා විලාසිතව වෙනස් කර ගත් ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා.
වැඩිවශයෙන් රූපලාවන්‍ය සම්බන්ධව ඇය ගැන කතා නොවෙන මොහොතක ස්වභාවික සුන්දරත්වයකට හිමිකම් කියන උමාලි මේ වගේ වෙනසකට ගියේ ඇයි දැයි බොහෝ දෙනා කුතුහලයෙන් සිටිනවා.
මේ තියෙන්නේ ඒ ඡායාරූප…