හොඳට හෝ නරකට කාලාන්තරයක් පුරා සමාජ මාධ්‍ය වල මෙන් රටේ සියලු තැන්වල පුවත් මවන කතාබහට ලක්වන චරිතයක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ. දක්ෂ සුරූපී මෙම රංගන ශිල්පිනිය පුංචි තිරයේ තුළින් ඇගේ හැකියාව නිසා රසිකයන්ගේ ආදරය වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට හැකි වුණා. ඇය නිරූපණය කළ චරිත ගණනාවක් මේ වන විටත් රසිකයන්ගේ මතකය අතර තියෙන චරිත වී හමාරයි.

කවදාවත් යුග දිවියට පිවිසෙන්නේ නෑ කියපු ඇය. මේ වන විට නීතිඥ වරයෙකු සමග විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා කියන එක. සමාජයේ හැමෝම දන්න කරුණක් වෙලා තියෙන්නේ. උදයන්තිගේ පුංචි කැදැල්ලේ අපිට ආපු අලුත්ම ආරංචියක් ගැන තමයි අද අපි කියන්න යන්නේ.

බොහෝ දෙනා නොදන්නවා වුණාට උදයන්ති මේ වන විට මව් පදවිය ලබලා තියෙනවා. පසුගිය දිනෙක ඇගේ පවුලට එකතු වුන කුඩා දියණියත් සමඟ උදයන්ති එයාගේ සැමියාත් උපන්දින සාදයක් පවත්වලා තියෙනවා ඒ ඇගේ සැමියාගේ උපන්දිනය වෙනුවෙන්

මේ ආදරණීය අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා තියෙනවා ඇගේ ජීවිතය තව තව ලස්සන වෙන්න කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා . ඇය සහ ඇගේ පවුලේ අයගේ ඡායාරූප කිහිපයක් අපි පහතින් ගෙන එනවා.
