ඩුබායි සිට මෙරටට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.
මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වන විට IDH උණ රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කර සිටිනවා.
මෙම පවුලේ පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.