උණුසුම් පුවත්
Search
galle jail

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු මරුට – 09ක් රෝහලට

143

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන බෝ වන රෝගී තත්වයක් හේතුවෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව බන්ධනාගාරයට ඇතුළත් කිරීම සහ රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාම සීමා කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ උණ සහ සමේ ආසාදන හේතුවෙන් රැඳවියන් 09 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බවය.

මෙම රෝගී තත්ත්වය රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර එම මරණ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.