උණුසුම් පුවත්
Search

ෆේස්බුක් නිසා අත්අඩංගුවට පත් වූ රූපවාහිනී නිවේදිකා වසුන්දරාට ඇප

257

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක වන වසුන්දරා ගමගේ මහත්මිය ඇප මත නිදහස් කර තිබේ.

නඩුව එළැඹෙන ජූනි 24 වනදා කැඳවීමට නියමිතයි.

පෙරේදා (18) පස්වරුවේ නාරාහේන්පිට ඇගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඇයව ඊයේ (19) අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර පරිගණක අපරාධ පනත යටතේ ඇය ප්‍රචණ්ඩත්වයට අනුබල දුන්නේ යයි චෝදනා ගොනු කර තිබුණි.

වසුන්දරා ගමගේ මහත්මිය නුගසෙවණ ඇතුළු ජාතික රූපවාහිනියේ ප්‍රකට වැඩසටහන් ගණනාවක සම්ප්‍රවේශිකාවක ලෙස කටයුතු කරමින් සිටින්නියකි.

May be an image of 1 person and standing
No photo description available.
May be an image of 1 person
Wasundara Gamage | LK Model Zone | Sri Lankan No.01 Model Database

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කර අධිකරණයට යොමු කරන බවද දන්වමින් නිකුත් කර තිබූ පොලිස් නිවේදනය පහතින්.

May be an image of 2 people, people sitting, people standing and indoor



Leave a Reply

Your email address will not be published.