පසුගිය දා අමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50ට වැඩි ලෝක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින (Director’s Queen ) ලෙස ජයග්‍රහණය කර අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම ලෝක රූ රැජින තරඟාවලිය අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝකයේ රටවල් 37ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 21 දින සිට 25 දින දක්වා පවත්වා තිබුණි.
ශ්‍රී ලංකාවේ පැවති තරඟාවලියෙන් වයස අවුරුදු 50ට වැඩි කාණ්ඩයේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය මෙම තරගාවලිය සදහා සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණි.
මෙම ජයග්‍රහණය රැගෙන තුෂාරි ජයකොඩි මහත්මිය මුළින්ම ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , එතැන් සිට 28 දින අලුයම 05.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය පිළිගැනීම සදහා ඇයගේ දරු තිදෙනා සහ ශ්‍රී ලංකාවේ මෙම තරඟ සංවිධානය කළ මණ්ඩලයේ සාමාජිකයෙකු ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.