උණුසුම් පුවත්
Search
Untitled design 16

” ඇතුලත සිටින ගැහැනු ආත්මය අඳුර ගන්න එක මොහොතකට බිරිඳගෙ ඇඳුමක් ඇඳල බලන්න ” – මිහිර සිරිතිලක

94

මිහිර සිරිතිලක කියන්නේ වර්තමානය වන විට බොහෝ රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් චරිතයක් වේ.බොහෝ විකට චරිත ඔස්සේ රංගන ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන සිටින ඔහු වැඩසටහන් නිවේදකයෙක් ලෙස ද කටයුතු කරනවා.ඔහුගේ අද්විතීය රංගන කුසලතාව නිසාම තරුණ රංගන ශිල්පියෙකු වුවත් ඔහුට බොහෝ විශිෂ්ට ගණයේ නිර්මාණ ඔස්සේ සිය රංගන හැකියාව විදහා දැක්වීමට අවස්ථාව උදාකර ගන්නවා.ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔහු පිළිබඳවයි.

Personalized Video Message from Mihira Sirithilaka 4

“මං ඇත්තටම රංගන ක්ෂේත්‍රයට ආවේ ලොකු කට්ටක් කාලා.මම හරිහමන් රැකියාවක් නැතුව කොළඹට ආපු කෙනෙක්.මගේ බිරිඳ වුණත් මාත් එක්ක යාළු වෙනකොට මම ලොකු කලාකරුවෙක් නෙමෙයි.එයා ඒ වෙද්දි ආදරය කළේ සතයක්වත් අතේ තිබ්බෙ නැති මිහිර සිරිතිලකටයි.ඉතින් ඒ තත්වෙට හිටපු මම මේ වෙද්දි මගේ හැකියාව නිසා කලා ක්ෂේත්‍රය තුළ ලොකු තැනක ඉන්නවා.ඉතිං ඒ ගැන තියෙන්නේ හරි සතුටක්.

Personalized Video Message from Mihira Sirithilaka

ඇත්තටම විකට චරිත සඳහා කාන්තා ඇඳුමක් ඇන්දහම මට එක මොහොතකට හිතුනා හැමෝම ඒ ඇඳුම ඇදල බැලුවනම් හරි කියලා.මොකද මට ඒ ඇඳුම ඇඳ ගත්තට පස්සේ තමයි හිතුනෙ ගැහැනියක් තමන්ගෙ ලස්සන පවත්වාගෙන යන්න කොච්චර මහන්සියක් වෙනවද කියල.පිටින් පේන දේට වඩා ඇතුළාන්තයෙන් පුදුම දරාගැනීමේ ශක්තියක් සහ ඉවසීමක් තියෙන්න ඕනෙද කියලා මට ඒ වෙලාවේ තමයි තේරුනේ.මං පිරිමියෙක්.නමුත් මම ඒ ඇඳුම ඇන්දට පස්සේ කාන්තාවක් වගේ පේනවා.නමුත් ඒක නෙමෙයි ඇත්ත දේ.ඇඳුම නෙමෙයි ඒක ඇතුලේ සම්පූර්ණ වෙනස් ආත්මයක් තිබෙනවා.අපට තාම එක අඳුරගන්න බැරි වෙලා තියෙන්නෙ.මම දකින විදිහට ගැහැණිය කියන්නේ ගෞරවය ලැබිය යුතු චරිතයක්.මම කියන්නේ ඇතුලතින් සිටින ගැහැනු ආත්මයන් අදුර ගන්න එක මොහොතකට ඔබගේ බිරිඳගෙ ඇදුමක් හරි ඇඳල බලන්න.” කියලා තමයි ඔහු එක්තරා මාධ්‍ය වැඩසටහනක දී පවසා සිටියේ.

ඉතින් කලා ක්ෂේත්‍රය තුළ මහගු මෙහෙවරක් සිදුකරන මේ අපූරු රංගන ශිල්පියාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Personalized Video Message from Mihira Sirithilaka 2