උණුසුම් පුවත්
Search
trump

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළැයි චෝදනා ලැබූ ට්‍රම්ප් වරදකරු වෙයි

65

අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට අධිකරණයකදී මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට වැරදිකරු බවට පත් විය. මෙම නඩුවට ට්‍රම්ප් සහභාගී නොවූ අතර ඔහුගේ නීතීඥයෙකු ජූරි සභාව තීන්දුව ලබාදෙන අවස්ථාවට එක්ව සිටියේය.

Trump deposed in defamation suit filed by E. Jean Carroll

නඩු විභාගය අපරාධ අධිකරණයක නොව සිවිල් උසාවියේ පැවති බැවින්, තීන්දුව නිසා ට්‍රම්ප්ට ලිංගික අපරාධකරුවෙකු ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය නොවනු ඇත.

තීන්දුවෙන් පසුව, 76 හැවිරිදි ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි සියලුම ලොකු අකුරින් පළ කළේ: “මේ කාන්තාව කවුදැයි මට නිශ්චිතවම අදහසක් නැත. මෙම තීන්දුව නින්දාවකි – මෙතෙක් සිදු වූ ලොකුම රැවටිලිකාරි දඩයම් කිරීමේ සිදුවීම මෙයයි” යනුවෙනි.

Trump may have ruined his E. Jean Carroll libel case by being an  over-the-top jerk about social truth - US Today News

මෙම නඩුව ජයගත්තේ ඊ ජීන් කැරොල් නමැති ඇමරිකාවේ පුවත්පත් තීරු ලිපි රචිකාවකි. ඇයට ලිංගික අතවර කළ බව සිවිල් නඩුවේ ජූරි සභාව අවසානයේ තීන්දු කර තිබේ. ඇගේ චෝදනා “ප්‍රෝඩාවක් සහ බොරුවක්” ලෙස හැඳින්වීම හේතුවෙන්ද ට්‍රම්ප් අපහාසයට වගකිව යුතු බවට ජූරි සභාව තීරණය කළේය.

Donald Trump raped me,' accuser E Jean Carroll tells New York court | US  News | Sky News

ට්‍රම්ප් ලිංගික අතවරයකට නීත්‍යානුකූලව වගකිව යුතු බව තහවුරු වූ පළමු අවස්ථාව මෙයයි. මෑන්හැටන් ජූරි සභාව ට්‍රම්ප් මහතාට ඇයට ඩොලර් මිලියන 5ක් (පවුම් මිලියන 4ක්) පමණ වන්දි ගෙවන ලෙස නියෝග කළේය.

තීන්දුවෙන් පසු ලිඛිත ප්‍රකාශයක් කරමින් කැරොල් මහත්මිය පැවසුවේ “අද ලෝකය අවසානයේ සත්‍යය දැනගත්තා. මෙම ජයග්‍රහණය මට පමණක් නොව මෙවන් ගැටලු නිසා දුක් විඳින සෑම කාන්තාවක් සඳහාම වේ.”

Writer E. Jean Carroll Accuses Donald Trump of Sexual Assault in New Book |  Vanity Fair

මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව ට්‍රම්ප්ගේ නීතිඥවරයා පැවසීය.

E Jean Carroll: Jury finds Trump sexually abused writer in NY department  store - BBC News